ලොව පුරාම ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගෙන ඉන්න ජපන් ඇනිමෙ නිර්මාණයක් වන ‘ඩ්‍රැගන් බෝල් සෙඩ්’ ආශ්රයෙන් දැවැන්ත තේමා උද්‍යානයක් ප්‍රංශයේ පැරිස් නුවර ආසන්නයේ ඉදිකිරීමට මේ වන විට සැලසුම් කරලා තියෙනවා. මේ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 7ක දැවැන්ත මුදලක් වැය කිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය දායකත්වය ලබා දෙන්නේ සෞදි අරාබියේ ‘කිඩියා’ (Qiddiya) ආයතනය විසින්. පැරිස් නුවරට වයඹ දෙසින් පිහිටි සර්ජි-පොන්ටොයිස් (Cergy-Pontoise) ප්‍රදේශයේ තමයි මේ අතිවිශාල උද්‍යානය ඉදිවෙන්නේ.
මෙම ව්‍යාපෘතිය හරහා ප්‍රංශයේ රැකියා අවස්ථා 22,000ක් පමණ නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කරනවා. මෙය තවත් තේමා උද්‍යාන තුනකින් සමන්විත විශාල විනෝදාස්වාද මධ්‍යස්ථානයක කොටසක් ලෙසයි සැලසුම් කරලා තියෙන්නේ. ජනප්‍රිය චිත්‍ර ශිල්පී අකිරා ටොරිහාමාගේ නිර්මාණයක් වන ඩ්‍රැගන් බෝල් ලෝකයේ රසිකයන්ට මෙය ඇත්තටම අමතක නොවන අත්දැකීමක් වේවි. මේ වන විටත් ව්‍යාපෘතියේ බොහෝ දේවල් අවසන් කරමින් පවතින අතර, මෙහි ඉදිකිරීම් කටයුතු සහ විවෘත කරන දිනය පිළිබඳව තවමත් නිල වශයෙන් ප්‍රකාශ කරලා නැහැ.
කෙසේ වෙතත්, මේ ආරංචියත් එක්ක ලෝකය පුරා ඉන්න ඩ්‍රැගන් බෝල් රසිකයන් ගොඩක් සතුටින් ඉන්නේ. ඉදිරියේදී මේ ගැන තවත් වැඩි විස්තර දැනගන්න ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback