මේ දවස්වල යුරෝපය පුරාම හරිම දරුණු උණුසුම් කාලගුණයක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම ප්‍රංශයේ ජූනි මාසයේ අන්තිම සතියේ ඇති වුණු මේ අධික උණුසුම නිසා පුද්ගලයින් 2,025ක් විතර මියගිහින් තියෙනවා. මේක සාමාන්‍ය මරණ සංඛ්‍යාවට වඩා 29%ක වැඩිවීමක්. පැරිස් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 41ක් දක්වා ඉහළ ගිය අතර, වයස අවුරුදු 45ට වැඩි අයට මේ කාලගුණයෙන් වැඩි බලපෑමක් වෙලා තියෙනවා කියලා සෞඛ්‍ය අංශ පවසනවා. බෙල්ජියම සහ නෙදර්ලන්තය වැනි රටවලත් මේ වගේම අසාමාන්‍ය මරණ සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා.
මේ උණුසුම් කාලගුණය නිසා ප්‍රංශයේ ලැව්ගිනි තත්ත්වයන් පවා හටගෙන තියෙනවා. මේ වන විටත් හෙක්ටයාර දහස් ගණනක් ගින්නෙන් විනාශ වෙලා තියෙන අතර, දහස් ගණන් ජනතාවට ආරක්ෂිත ස්ථානවලට යන්න සිද්ධ වෙලා තියෙනවා. කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවන්නේ ඉදිරි දිනවලදීත් යුරෝපයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය තවත් ඉහළ යන්න පුළුවන් කියලා. දේශගුණික විපර්යාස නිසා ලෝකයේ අනෙක් ප්‍රදේශවලට වඩා දෙගුණයක වේගයකින් යුරෝපය උණුසුම් වෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ. ඒ වගේම, මේ දිනවල ඇමරිකාවේත් අධික උණුසුම් කාලගුණයක් පවතින නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වෙලා ඉන්නවා.

Discussion & Feedback