ප්‍රංශයේ නිරිතදිග ප්‍රදේශයේ හටගෙන තිබෙන දරුණු ලැව්ගිනි හේතුවෙන් මේ වන විට විශාල ප්‍රදේශයක් අළු දූවිලි බවට පත්වෙමින් පවතිනවා. සෙල්සියස් අංශක 40 ඉක්මවූ අධික උෂ්ණත්වයත් සමඟ ගින්න පාලනය කිරීම ගිනි නිවන භටයන්ට සහ ස්වේච්ඡා සේවකයන්ට මහා අභියෝගයක් වෙලා. අහසින් ජලය සහ ගිනි නිවන රසායනික ද්‍රව්‍ය ඉසින ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා දිනපතාම මේ සටනට එක්වෙමින් සිටිනවා. එක් තැනක ගින්න නිවා දැමූ සැණින් තවත් තැනකින් ගින්න හටගන්නා නිසා මෙය හරියටම ‘මීයන් සහ බළලුන්’ අතර සිදුවන සෙල්ලමක් වගේ බවයි එහි සිටින අය පවසන්නේ.
දහස් ගණනක් ජනතාව සහ සංචාරකයන් මේ වන විටත් තම නිවෙස් අතහැර ආරක්ෂිත ස්ථාන කරා පලා ගොස් තිබෙනවා. නමුත් ඇතැම් පිරිස් තමන්ගේ නිවෙස් බේරා ගැනීමට ජීවිත අවදානම පවා නොතකා එහි රැඳී සිටින අයුරු දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම තරුණ ස්වේච්ඡා සේවකයන් තම ප්‍රදේශය සහ වනාන්තරය බේරා ගැනීමට දැඩි කැපවීමකින් කටයුතු කරනවා. හෙදියක් ලෙස සේවය කරන තරුණියක් පවසන්නේ තමන් උදෑසන රෝහලේ වැඩ කර සවස් වරුවේ ගින්න නිවීමට වනාන්තරයට පැමිණෙන බවයි. මේ වන විට හෙක්ටයාර් පනස් දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, මෙය ප්‍රංශයේ ජනතාවට අතිශය ශෝකජනක සහ බියකරු අත්දැකීමක් වෙලා තියෙනවා.

Discussion & Feedback