2023 වසරේදී ලොව පුරා පාඨකයන් අතර දැඩි කතාබහකට ලක්වුණු රෙබෙකා යාරොස්ගේ ‘ෆෝත් වින්ග්’ (Fourth Wing) නවකතාව දැන් අලුත්ම මානයකට පිවිස තිබෙනවා. වයලට් සොරෙන්ගෙයිල් නම් තරුණියගේ අභියෝගාත්මක ගමන පාදක කරගත් මෙම කතාව, මේ වන විට ප්‍රයිම් වීඩියෝ හරහා රූපවාහිනී කතාමාලාවක් ලෙස නිර්මාණය වීමට නියමිතයි. කෙසේ වෙතත්, එම කතාමාලාව එනතුරු බලා සිටින රසිකයන්ට සතුටුදායක ආරංචියක් ගෙන එමින්, ‘ෆෝත් වින්ග්: රයිස් ඔෆ් ද වින්ග්ලීඩර්’ (Fourth Wing: Rise of the Wingleader) නමින් අලුත්ම බෝඩ් ගේම් එකක් වෙළඳපොළට නිකුත් කර තිබෙනවා.
මෙම ක්‍රීඩාව මගින් ක්‍රීඩකයන්ව බැස්ගියාත් යුධ විද්‍යාලයේ (Basgiath War College) රයිඩර්ස් ක්වාඩ්රන්ට් එකට රැගෙන යනවා. මෙහිදී ඔබට බලගතු මකරෙකුගේ ගෞරවය දිනා ගැනීමටත්, ඔබේ ප්‍රතිවාදීන් අභිබවා යමින් උපායශීලී තීරණ ගැනීමටත් සිදුවෙනවා. ඉතා අලංකාර ලෙස නිර්මාණය කර ඇති චරිත සහ මකරාගේ හැඩයෙන් යුත් ක්‍රීඩා උපකරණ මගින් මෙම ක්‍රීඩාව වඩාත් ආකර්ෂණීය කර තිබෙනවා. විශේෂයෙන්ම ටේර්න් (Tairn) නමැති මකරාගේ රුව සහිත ලෝහමය බුක්මාර්ක් එකක් ද මෙයට ඇතුළත් කර තිබීම රසිකයන්ට ලැබෙන තවත් විශේෂ තෑග්ගක්.
වෝටර්ස්ටෝන්ස් වෙබ් අඩවියේ ජූලි මාසයේ හොඳම ක්‍රීඩාව ලෙස නම් කර ඇති මෙය, ෆැන්ටසි ලෝලීන්ට අලුත්ම අත්දැකීමක් ලබා දෙනු නොඅනුමානයි. ඇමසන් සමාගම මෙම කතාමාලාව සාර්ථක කර ගැනීමට විශාල උත්සාහයක් ගත්තත්, අතීතයේ ඇතැම් ෆැන්ටසි නිර්මාණ අතරමග නතර වූ අවස්ථා තිබෙන නිසා, ‘ෆෝත් වින්ග්’ කතාවටත් එවැනි ඉරණමක් අත් නොවී සාර්ථක වේවායි බොහෝ දෙනා ප්‍රාර්ථනා කරනවා.

Discussion & Feedback