සෞදි අරාබියේ රාස් තනුරා ප්‍රදේශයේදී අවාසනාවන්ත හෙලිකොප්ටර් අනතුරක් සිදුවෙලා තියෙනවා. සෞදි රාජ්‍යයට අයත් ප්‍රධාන පෙළේ තෙල් සමාගමක් වන අරාම්කෝ සමාගමට අයත් හෙලිකොප්ටර් යානයක් මෙලෙස කඩා වැටී තිබෙන්නේ අද අලුයම 6ට පමණයි. මේ අනතුරින් යානයේ ගමන් ගත් පුද්ගලයින් දහහතර දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞදි ප්රවෘත්ති ඒජන්සිය තහවුරු කර තිබෙනවා. මියගිය සියලුම දෙනා සෞදි අරාබි ජාතිකයින් බවයි වාර්තා වෙන්නේ.
අනතුර සිදුවූ රාස් තනුරා ප්‍රදේශය මැද පෙරදිග තිබෙන විශාලතම තෙල් පිරිපහදුවක් පිහිටි ස්ථානයක්. මෑතකදී මැද පෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ තෙල් ප්‍රවාහන කටයුතු පසුගිය සිකුරාදා සිට නැවත ආරම්භ කිරීමට එම සමාගම පියවර ගෙන තිබුණා. මේ වන විට අදාළ අනතුරට හේතුව සොයා බලන්න විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, සෞදි බලශක්ති අමාත්‍යාංශය විසින් මියගිය අයගේ පවුල්වල සාමාජිකයින් වෙත සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.
මෙම සිදුවීම මුළු රටම කම්පනයට පත් කළ පුවතක් බවට පත්වෙලා තියෙනවා. යානය කඩා වැටීමට තාක්ෂණික දෝෂයක් බලපෑවාද නැත්නම් වෙනත් හේතුවක් තිබුණාද යන්න පිළිබඳව ඉදිරි දින කිහිපයේදී වැඩිදුර තොරතුරු දැනගන්න ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback