වත්තේගම, යටිරාවන පාරේ පාළු ප්රදේශයක අමානුෂික ලෙස පහරකෑමට ලක්වූ හතර හැවිරිදි දැරියක් අද උදෑසන පොලිසිය විසින් සොයාගෙන තියෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව වහාම ක්රියාත්මක වුණු වත්තේගම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් මෙම දැරියව බේරාගෙන තිබුණා. ඇයව අද උදෑසන හතට පමණ ත්රිරෝද රථයකින් ගෙනැවිත් මෙම ස්ථානයේ දමා ගොස් ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
දැනට ලැබෙන තොරතුරු අනුව, මෙම දැරියට තමන්ගේ පවුලේ අය ගැන හෝ තමන් පදිංචි නිවස ගැන කිසිම දෙයක් පවසන්න බැරි තත්ත්වයකයි ඉන්නේ. ඇයව වහාම මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබා දීමට පියවර ගෙන තියෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු වත්තේගම පොලිසිය විසින් සිදු කරන අතර, දැරියව රැගෙන ආ බවට සැක කරන ත්රිරෝද රථය සොයා ගැනීමට ප්රදේශයේ තිබෙන සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කරමින් පවතිනවා.
මෙවැනි අමානුෂික ක්රියාවක් සිදු කළ පුද්ගලයින් කවුරුන්ද යන්න සොයා ගැනීමට පොලිසිය දැඩි උත්සාහයක නිරත වෙනවා. කුඩා දැරියක් මෙවැනි අසරණ තත්ත්වයකට පත් කිරීම පිළිබඳව ප්රදේශවාසීන් අතරත් ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා. පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නවා නම් වහාම වත්තේගම පොලිසියට දැනුම් දෙන ලෙසයි.

Discussion & Feedback