පසුගිය දිනක බටහිර ඉවුරේ පිහිටි ටාල් ගම්මානයේදී සිදුවූ දරුණු වෙඩි තැබීමකින් පලස්තීනුවන් සිව්දෙනෙකු සහ ඊශ්‍රායල ජාතිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මාස කිහිපයකට පසුව එම කලාපයේ වාර්තා වූ දරුණුම ප්‍රචණ්ඩකාරී සිදුවීම මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම ගැටුම ආරම්භ වුණේ පලස්තීන නිවාසවලට යුදෙව් පදිංචිකරුවන් පිරිසක් පහරදීමට පැමිණි අවස්ථාවේදී බව ප්‍රදේශවාසීන් පවසනවා. පසුව එම ස්ථානයට පැමිණි ඊශ්‍රායල හමුදාව සහ පලස්තීනුවන් අතර දරුණු වෙඩි හුවමාරුවක් සිදුවී තිබෙනවා.
ඊශ්‍රායල හමුදාව පවසන්නේ තම රටේ සිවිල් වැසියන් පිරිසකට එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් ඔවුන් මැදිහත් වූ බවයි. එහිදී ආරක්ෂක නිලධාරියෙකුගේ අවියක් පැහැරගෙන ප්‍රහාරයක් එල්ල වූ බවත්, ඊට ප්‍රතිචාර දැක්වූ හමුදාව එම ප්‍රහාරකයින් මරා දැමූ බවත් ඔවුන් ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත්, පලස්තීන බලධාරීන් මෙම සිදුවීම හඳුන්වන්නේ ම්ලේච්ඡ සමූල ඝාතනයක් ලෙසයි. පදිංචිකරුවන්ගේ ප්රචණ්ඩ ක්‍රියා සඳහා ඊශ්‍රායල රජයේ සහයෝගය ලැබෙන බවට ඔවුන් චෝදනා කරනවා. මේ වන විට එම ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හමුදාව මෙහෙයුම් දියත් කරමින් ඉන්නවා. මෙම සිදුවීමත් සමඟ ගාසා තීරයේ යුද්ධය ආරම්භ වූ දා සිට බටහිර ඉවුරේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය තවත් උග්‍ර වී තිබෙනවා.

Discussion & Feedback