පුත්තලම, වනතවිල්ලුව ප්‍රදේශයේ මංගලපුර විල්ලුවේදී ඉතාමත් කණගාටුදායක පුවතක් වාර්තා වෙනවා. පාසල් සිසුන් පිරිසක් මල් නෙළා ගැනීමට බෝට්ටුවකින් විල්ලුවට ගිය අවස්ථාවේදී බෝට්ටුව පෙරළී ගොස් තිබෙනවා. මේ බෝට්ටුවේ එකොළොස් ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පස් දෙනෙකු ගමන් කරමින් සිටි බවයි පොලිසිය පවසන්නේ. බෝට්ටුව පෙරළී යාමත් සමඟ සිසුන් පස් දෙනාම වතුරට වැටී ඇති අතර, ඉන් එක් සිසුවෙකු පමණක් බේරා ගැනීමට හැකි වී තිබෙනවා.
අනතුරට ලක්වූ අනෙක් සිසුන් සිව්දෙනා වහාම වනතවිල්ලුව රෝහලට ඇතුළත් කර තිබුණත්, ඔවුන්ගේ තත්ත්වය බරපතල නිසා පසුව පුත්තලම මූලික රෝහලට මාරු කර යවා තිබෙනවා. කෙසේ වෙතත්, රෝහල්ගත කිරීමෙන් පසුව එම සිසුන් සිව්දෙනාම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා. එකම පාසලක ඉගෙනුම ලැබූ මේ දරුවන් සිව්දෙනාගේ අකල් වියෝව මුළු ප්‍රදේශයටම විශාල කම්පනයක් ගෙන දී තිබෙනවා. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් වනතවිල්ලුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් ඉන්නවා.

Discussion & Feedback