පහුගිය දා මකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී පොදු ප්‍රවාහන සේවයේ නියුතු බස් රියදුරන් ඉලක්ක කරගෙන විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂණයක් සිදු කළා. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ මාර්ග ආරක්ෂණ සැලැස්මට අනුව ජාතික ගමනාගමන වෛද්‍ය ආයතනය විසින් මේ වැඩසටහන ක්‍රියාත්මක කළේ. වෛද්‍ය එන්.ඒ. අබේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් විශේෂ ජංගම රසායනාගාරයක් යොදාගෙන බස් රියදුරන් සහ සහායකයින් 150 දෙනෙකු පමණ මෙහිදී පරීක්ෂාවට ලක් කළා. එහිදී මත්ද්‍රව්‍ය භාවිත කරමින් රිය පැදවූ රියදුරන් හතර දෙනෙකු අල්ලා ගැනීමට බලධාරීන්ට හැකි වුණා.
මේ වගේ වැඩසටහන් දියත් කරන්නේ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න සහ රිය අනතුරු අවම කරලා රියදුරන් අතර විනයක් ඇති කරන්නයි. අහුවුණු මේ රියදුරන්ට එරෙහිව ආයතනික රෙගුලාසිවලට අනුව දැඩි පියවර ගන්නවා වගේම නීතිය අනුවත් උපරිම දඬුවම් ලබා දෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. පොලිසිය, ප්‍රවාහන අමාත්‍යාංශය සහ ජාතික ගමනාගමන වෛද්‍ය ආයතනය එකතු වෙලා මේ වැඩසටහන රට පුරාම ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තියෙනවා. ඉදිරියේදී මෙවැනි පරීක්ෂණ තවත් දැඩි කරන නිසා රියදුරන් වඩාත් වගකීමෙන් වැඩ කළ යුතු බවයි බලධාරීන් අවධාරණය කරන්නේ.

Discussion & Feedback