චීනයේ දේපළ වෙළඳ ක්ෂේත්රයේ දැවැන්තයෙක් වුණු ‘එවර්ග්‍රෑන්ඩ්’ (Evergrande) සමාගමේ නිර්මාතෘ හුයි කා යෑන් හට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වෙලා තියෙනවා. ඔහුට එරෙහිව තිබුණු වත්කම් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සහ අල්ලස් ලබාදීම වැනි බරපතළ චෝදනා කිහිපයකට ඔහු වරදකරු වීම නිසයි මේ තීරණය අරන් තියෙන්නේ. ඒ වගේම ඔහුගේ පෞද්ගලික දේපළ සියල්ල රාජසන්තක කිරීමටත් අධිකරණය නියෝග කරලා තියෙනවා. මේ සිදුවීමත් එක්ක එවර්ග්‍රෑන්ඩ් සමාගමට සහ එහි දේපළ අංශයට විශාල මුදල් දඩ මුදල් ගෙවන්නත් සිද්ධ වෙලා තියෙනවා.
කවදාවත් හිතාගන්න බැරි විදිහට දියුණු වෙලා ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වුණු හුයි කා යෑන්ගේ මේ කඩා වැටීම චීනයේ ආර්ථිකයට ලොකු බලපෑමක් කළා. විශේෂයෙන්ම නිවාස මිලදී ගත්ත සාමාන්‍ය ජනතාවගේ මුදල් ඉදිකිරීම් සඳහා යොදවන්නේ නැතුව වෙනත් ව්‍යාපෘතිවලට යොදවපු නිසා අදටත් නිවාස සිය ගණනක් අඩක් නිම කරලා තියෙනවා. මේ වංචාවන් නිසා සමාගමේ කොටස් වෙළඳපොළ අගය 99%කින්ම පහළ ගිහින් තියෙනවා. මේ සිදුවීම චීනයේ දේපළ වෙළඳ ක්ෂේත්රයම අර්බුදයකට ලක් කරපු ප්‍රධාන සාධකයක් විදිහට තමයි දකින්න ලැබෙන්නේ.

Discussion & Feedback