අභ්යවකාශයේ තියෙන ‘බීටා පික්ටෝරිස්’ (Beta Pictoris) කියන තාරකාව වටා දශකයකටත් වඩා කාලයක් තිස්සේ සැඟවී සිටි අමුතුම ග්රහලොවක් සොයාගන්න තාරකා විද්යාඥයන්ට පුළුවන් වෙලා තියෙනවා. පෘථිවියේ ඉඳන් ආලෝක වර්ෂ 63ක් ඈතින් පිහිටි මේ ග්රහලොව ‘බීටා පික්ටෝරිස් d’ විදියට තමයි හඳුන්වන්නේ. ඇත්තටම මේක හරිම පුදුම සහගත සොයාගැනීමක්. මොකද මේ ග්රහලොව මීට කලින් හොයාගත්ත ඒ පද්ධතියේම තියෙන අනිත් ග්රහලෝකවලට වඩා 100 ගුණයකින් විතර බොඳ වෙලා, එහෙමත් නැත්නම් අඳුරු වෙලා තමයි තියෙන්නේ. ඒ නිසාම පෘථිවියේ ඉඳන් කෙලින්ම නිරීක්ෂණය කරපු ලෝකවලින් වැඩිම අඳුරු බවක් තියෙන ග්රහලොව විදියටත් මේක වාර්තා පොත් අතරට එකතු වෙනවා.
මේ ග්රහලොව හොයාගත්තේ හරිම අහම්බෙන්. පර්යේෂකයන් උත්සාහ කළේ ඒ පද්ධතියේ කලින් හොයාගත්ත ‘බීටා පික්ටෝරිස් b’ කියන ග්රහලොව ගැන තවදුරටත් අධ්යයනය කරන්නයි. ඒ අතරතුර තමයි දශකයකට වඩා පැරණි දත්ත පරීක්ෂා කරද්දී මේ අලුත් ග්රහලොව සැඟවී ඉන්නවා දකින්න ලැබුණේ. මේ ග්රහලොව බරින් ගුරු ග්රහයා වගේ 2.4 ගුණයක් විතර වෙනවා. මේ සොයාගැනීම නිසා ඒ පද්ධතියේ තියෙන දූවිලි සහ සුන්බුන් තැටිවල හැඩය ගැන තිබුණු ගැටලු ගොඩකට උත්තර හොයාගන්න විද්යාඥයන්ට පුළුවන් වෙලා තියෙනවා. අභ්යවකාශයේ තියෙන මේ වගේ ග්රහලෝක පද්ධති ගැන තව තවත් තොරතුරු හොයාගන්න මේ සොයාගැනීම ලොකු පිටුවහලක් වේවි කියලා තමයි විද්යාඥයන් කියන්නේ.

Discussion & Feedback