තායිලන්තයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන චලොන්ග් රියුරැන්ග්, නොන්තාබුරි පළාතේ ප්‍රාදේශීය නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ පුවතක් මේ වන විට ලෝකයම කම්පාවට පත් කරලා තියෙනවා. සිද්ධියෙන් පස්සේ ඔහු කිසිම බියක් නැතුව යූටියුබ් සජීවී විකාශනයක් අතරතුර දේශපාලන විචාරිකාවක් අමතා තමන් කළ අපරාධය ගැන විවෘතව පාපොච්චාරණය කර තිබීම කාගේත් අවධානයට ලක්වෙලා. වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ හිටපු පොලිස් නිලධාරියෙකු වන තොන්ග්චායි යෙන්ප්රසෙට් වන අතර, ඔහුගේ රියදුරාටද වෙඩි වැදී තුවාල සිදුව තිබෙනවා.
අත්අඩංගුවට ගත් පසු පොලිස් ස්ථානයේදී පවා සිගරට් එකක් දල්වාගෙන මාධ්‍ය හමුවක් පැවැත්වූ චලොන්ග් පවසන්නේ තමන් ඔහුව මරා දැමීමට අදහසක් නොතිබූ බවයි. ඔවුන් දෙදෙනා අතර පෞද්ගලික ආරවුලක් තිබී ඇති අතර, තොන්ග්චායි තමන්ව තල්ලු කර දැමූ බවත්, රියදුරා තමන් දෙසට තුවක්කුවක් එල්ල කළ නිසා තමන් වෙඩි තැබූ බවත් ඔහු පවසනවා. කෙසේ වෙතත්, තායිලන්තයේ පසුගිය දිනවල සිදුවූ වෙඩි තැබීම් මාලාවත් සමඟ එරට ගිනි අවි පාලනය පිළිබඳව දැඩි කතාබහක් ඇතිවෙලා තියෙනවා. අග්නිදිග ආසියාවේ වැඩිම ගිනි අවි ප්‍රමාණයක් පුද්ගලිකව සතු රටක් ලෙස තායිලන්තය හඳුනාගෙන ඇති නිසා, මේ සිදුවීම්වලින් පසුව රජය ගිනි අවි නීති දැඩි කිරීමට පියවර ගනිමින් සිටිනවා.

Discussion & Feedback