පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ නිසි අවසරයකින් තොරව ‘ආසියානු ලෙජන්ඩ්ස් ලීග්’ (Asian Legends League) තරගාවලියට සහභාගි වූ හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසකට ඉදිරියේදී දැඩි තහනමකට මුහුණ දීමට සිදුවනු ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. සාමාන්‍යයෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම්ගතව සිටින හෝ ඔවුන්ගේ අනුමැතිය අවශ්‍ය වන හිටපු ක්‍රීඩකයන් මෙවැනි විදේශීය ලීග් තරගාවලි සඳහා එක්වීමේදී අනිවාර්යයෙන්ම නිසි අවසරයක් ලබාගත යුතුයි. නමුත් මෙම ක්‍රීඩකයන් එම නීති රීති උල්ලංඝනය කරමින් තරගාවලියට එක්වීම නිසා ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීමට බලධාරීන් සූදානම් වන බවයි දැනගන්න ලැබෙන්නේ.
මෙම තත්ත්වය නිසා අදාළ ක්‍රීඩකයන්ට ඉදිරියේදී පාකිස්තාන ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරන කිසිදු තරගාවලියකට හෝ නිල කටයුත්තකට සම්බන්ධ වීමට අවස්ථාව අහිමි වීමේ අවදානමක් පවතිනවා. විශේෂයෙන්ම විශ්‍රාම ගිය ක්‍රීඩකයන් වුවද, ජාතික මට්ටමේ ක්‍රිකට් ආයතනයක නීතිරීතිවලට යටත්ව කටයුතු කිරීම අනිවාර්ය බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ. ඉදිරි දින කිහිපය තුළදී මෙම ක්‍රීඩකයන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත අතර, එය ඔවුන්ගේ අනාගත ක්‍රිකට් ක්‍රියාකාරකම්වලට විශාල බලපෑමක් එල්ල කරනු ඇති බවටයි ක්‍රිකට් විචාරකයන් පවසන්නේ.

Discussion & Feedback