ඇමරිකාවේ ලින්කන් ස්මාරකය අසල පිහිටි සුප්රසිද්ධ ‘රිෆ්ලෙක්ටින් පූල්’ හෙවත් පරාවර්තක පොකුණට හානි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඔලිම්පික් ක්රීඩකයෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා. ඩේවිඩ් හර්න් නම් මෙම 67 හැවිරිදි හිටපු ඔලිම්පික් ඔරු පැදීමේ ක්රීඩකයාට එරෙහිව ඇමරිකානු බලධාරීන් චෝදනා ගොනු කර ඇත්තේ, මෑතකදී ඩොලර් මිලියන 14ක් වැය කර ප්රතිසංස්කරණය කළ පොකුණේ තිබූ ආලේපන කොටසක් ඔහු විසින් ගලවා දැමූ බව පවසමින්. මේ සඳහා ඔහුට එරෙහිව දේපළ විනාශ කිරීමේ බරපතල චෝදනා එල්ල වී ඇති අතර, සිදුවූ හානිය ඩොලර් 1,000ක් පමණ වන බවයි බලධාරීන් සඳහන් කරන්නේ.
කෙසේ වෙතත්, තමන් කිසිදු වරදක් නොකළ බව පවසන ඩේවිඩ් හර්න් සහ ඔහුගේ නීතිඥයින් මෙම චෝදනා තරයේ ප්රතික්ෂේප කරනවා. තමන් හුදෙක් පොකුණ අසලින් ගමන් කරමින් සිටියදී එහි තිබූ හානි වූ කොටසක් දෙස බැලූ බවත්, කිසිවක් විනාශ නොකළ බවත් ඔහු පවසනවා. මෙය බලධාරීන්ගේ අසාර්ථකත්වය වසා ගැනීමට තමන්ව බිල්ලට දීමක් බවයි ඔහුගේ නීතිඥයින් පෙන්වා දෙන්නේ. මෑතකදී ප්රතිසංස්කරණය කළද, මෙම පොකුණේ තවමත් ඇල්ගී බැඳීම සහ ආලේපන ගැලවී යාම වැනි ගැටලු පවතින බව වාර්තා වෙනවා. මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් පිරිසකට නීතිමය පියවර ගෙන තිබෙනවා.

Discussion & Feedback