හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. පසුගිය සිකුරාදා උදෑසන කොමිෂන් සභා පරිශ්‍රයේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ 2006 වසරේදී යෝෂිත රාජපක්ෂ මහතාව නාවික හමුදාවට බඳවා ගැනීමේ සිද්ධියකට අදාළවයි. මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පවසන්නේ, නියමිත සුදුසුකම් සපුරා නොතිබුණත් යෝෂිත රාජපක්ෂ මහතාව නාවික හමුදාවේ ශිෂ්‍ය විධායක නිලධාරියෙක් ලෙස බඳවා ගැනීමට කටයුතු කර ඇති බවයි.
එපමණක් නොවෙයි, අදාළ බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියෙන් පිටත ගොස්, රාජ්‍ය වියදමින් ඔහුව එක්සත් රාජධානියේ රාජකීය නාවික ඇකඩමියේ පුහුණු වැඩසටහනකට යොමු කිරීමටත් කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වෙනවා. මේ ක්‍රියාවන් දූෂණයක් ලෙස සලකමින් අල්ලස් කොමිසම විසින් මෙම පියවර ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපතිවරයාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. මේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් සමාජය තුළ විශාල කතාබහක් ඇති වෙලා තියෙනවා.

Discussion & Feedback