හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාව අද දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. ඔහු අද කොමිසම හමුවේ පෙනී සිටියේ ප්‍රකාශයක් ලබා දීම සඳහායි. ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවා ගත් සේවකයින් තිදෙනෙක්ව ඔහුගේ පෞද්ගලික දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම හරහා රජයට විශාල මූල්‍ය පාඩුවක් සිදු කළ බවට තමයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වෙලා තියෙන්නේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අල්ලස් කොමිසම මීට කලින් අවස්ථා කිහිපයකදීම මන්ත්‍රීවරයාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණත්, ඔහු ඒ සඳහා සහභාගි වෙලා තිබුණේ නැහැ. පසුව අල්ලස් කොමිසමේ නිලධාරීන් ඔහුගේ නිවසට ගොස් විමර්ශන කටයුතු සිදු කිරීමෙන් පසුවයි රවී කරුණානායක මහතා අද දින කොමිසම හමුවට පැමිණියේ. කෙසේ වෙතත්, මේ වන විට ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීමට නියමිතයි.

Discussion & Feedback