ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ පුහුණුකරු සංජේ බංගර්ගේ දියණිය වන අනයා බංගර්, ඕස්ට්‍රේලියාවේ කාන්තා ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගි වීමට සූදානම් වෙනවා. ලිංගික පරිවර්තන සැත්කමකින් පසුව ඇයට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් එරට ප්‍රාදේශීය කාන්තා ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කිරීමට අවසර ලබා දී තිබෙනවා. කෙසේ වෙතත්, ඇයට ජාත්‍යන්තර මට්ටමේ හෝ කාන්තා බිග් බෑෂ් ලීග් (WBBL) වැනි ඉහළ පෙළේ තරගාවලි සඳහා සහභාගි වීමට නම් තවත් කාලයක් බලා සිටීමට සිදුවනු ඇති බවයි වාර්තා වෙන්නේ.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රතිපත්තියට අනුව, කාන්තා කාණ්ඩය යටතේ ඉහළ පෙළේ තරග සඳහා ක්‍රීඩා කිරීමට නම්, ක්‍රීඩිකාවකගේ රුධිරයේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම මාස 12ක් පුරා නියමිත සීමාවට වඩා අඩුවෙන් පවත්වා ගත යුතු වෙනවා. වෛද්‍ය වාර්තා අනුව අනයාට මෙම සුදුසුකම 2027 මාර්තු මාසයේදී සපුරා ගැනීමට හැකි වනු ඇති බවයි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනයා පවසන්නේ, තමන්ට ලැබුණු අවසරය ක්‍රිකට් කණ්ඩායමකට තේරී පත්වීමක් නොවන බවත්, දක්ෂතා පෙන්වා කණ්ඩායමට ඇතුළත් වීමට තමන් දැඩි ලෙස පුහුණුවීම්වල නිරත විය යුතු බවත්ය.
මීට පෙර මුම්බායි වයස්ගත කාණ්ඩයේ ක්‍රිකට් ක්‍රීඩා කර ඇති අනයා, සර්ෆරාස් ඛාන් සහ මුෂීර් ඛාන් වැනි ක්‍රීඩකයන් සමඟද ක්‍රීඩා කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ට්‍රාන්ස්ජෙන්ඩර් ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරග සඳහා අවසර නොදීමට තීරණය කර තිබුණත්, ඕස්ට්‍රේලියානු දේශීය ක්‍රිකට් ප්‍රතිපත්තිය මීට වඩා වෙනස් වීම නිසා ඇයට මෙලෙස දේශීය තරග සඳහා අවස්ථාව හිමිව තිබෙනවා.

Discussion & Feedback