හිටපු අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ලබන ජූලි 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග බෝධිගම මහතා අද නියෝග කළා. පාතාල නායක හරක් කටාගේ බිරිඳගෙන් රුපියල් මිලියන 120ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ මෙම සැකකරුවන් 2023 වසරේ මාර්තු මාසයේදී ඩුබායි වෙත ගොස් ඇති බවත්, එම කාලසීමාවේදීම හිටපු ඇමති විජයදාස රාජපක්ෂ මහතාද ඩුබායිහි රැඳී සිට ඇති බවත්ය.
විමර්ශන අංශ පවසන්නේ මෙම අල්ලස් මුදලේ කොටසක් විජයදාස රාජපක්ෂ මහතාගේ නාවල පිහිටි නිවස ආශ්රිත ස්ථානයකදී හුවමාරු වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. ඒ අනුව හිටපු ඇමතිවරයාගේ ඩුබායි සංචාරයේ අරමුණ කුමක්ද සහ ඔහු එහිදී හමුවූ පුද්ගලයින් කවුරුන්ද යන්න පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා. කෙසේ වෙතත්, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙම චෝදනා ප්රතික්ෂේප කරමින් ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියද, මහේස්ත්රාත්වරයා එය ප්රතික්ෂේප කරමින් සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළා.

Discussion & Feedback