පසුගිය අගෝස්තු 06 වැනිදා බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ සිදුවූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට බරපතළ චෝදනා මාලාවක් එල්ල වෙමින් තියෙනවා. මෑතකදී ඇප මත නිදහස් වුණ හිටපු සිරකරුවෙක් මාධ්‍ය හමුවක් පවත්වමින් පවසන්නේ, එදින බන්ධනාගාර නිලධාරීන් සහ යකඩ පොලු අතැති තවත් පිරිසක් එක්ව සිරකරුවන්ට අමානුෂික ලෙස පහර දුන් බවයි. තමන් නිදාගෙන සිටියදී ඇති වූ කලබලකාරී තත්ත්වයත් සමඟ විශාල පිරිසක් පැමිණ සිරකරුවන්ව සෛලවලින් එළියට ඇද දමා පහර දුන් බවත්, සමහරුන් සිහිසුන් වනතුරුම යකඩ පොලුවලින් පහර දුන් බවත් ඔහු පවසනවා. තමන් බේරුණේ තුවාල ලැබූ සිරකරුවෙකුගේ ලේ ඇඟේ තවරාගෙන සිහිසුන් වූ අයෙකු ලෙස රඟපෑමෙන් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මෙම සිද්ධියට බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 100කට අධික පිරිසක් සම්බන්ධ බවත්, මියගිය සිරකරුවාට බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව අසලදී දරුණු ලෙස පහර දී ඇති බවත් ඔහු චෝදනා කරනවා. බන්ධනාගාර බලධාරීන් මුලින් පැවසුවේ මෙය සිරකරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් බවයි. නමුත් මෙම හිටපු සිරකරුවාගේ ප්‍රකාශය ඊට හාත්පසින්ම වෙනස් එකක්. මේ වන විටත් තුවාල ලැබූ සිරකරුවන් කිහිප දෙනෙක් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබනවා. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අධිකරණ කටයුතු සිදුවෙමින් පවතින නිසා වැඩිදුර අදහස් දැක්වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වන විටත් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Discussion & Feedback