ලෝක ප්රකට ඩිස්නි සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරී බොබ් චැපෙක් තමන්ගේ වසර තිහක සේවා කාලය ගැන ලියපු ‘Behind the Castle Walls’ කියන පොත සැප්තැම්බර් 29 වෙනිදා එළිදක්වන්න නියමිතයි. 2020 ඉඳන් 2022 දක්වා ඔහු ඩිස්නි සමාගමේ ප්රධානියා විදිහට කටයුතු කරද්දී සිද්ධ වුණ අභ්යන්තර ගැටුම්, බල අරගල සහ තමන්ට මුහුණ දෙන්න වුණ අභියෝග ගැන මේ පොතෙන් ඔහු මුල්ම වතාවට විවෘතව කතා කරනවා. විශේෂයෙන්ම කොවිඩ් වසංගතයත් එක්ක සමාගම ලොකු අර්බුදයකට ලක්වෙලා තිබුණ වෙලාවක ඔහුට ගත්ත තීරණ නිසා ඇති වුණ විවේචන සහ තමන්ව සමාගමෙන් ඉවත් කිරීම පිටුපස තිබුණ ඇත්ත කතාව ඔහු මේ පොත හරහා එළිදරව් කරනවා.
බොබ් චැපෙක් ඩිස්නි සමාගමට සම්බන්ධ වුණේ 1993 වසරේදී. ඔහු බොබ් අයිගර්ගෙන් පස්සේ ප්රධාන විධායක තනතුරට පත්වුණත්, ඒ කාලේ සමාගම ඇතුළේ තිබුණ අමුතු පාලන තන්ත්රය නිසා ඔහුට වැඩ කරන්න ලොකු බාධාවක් වුණා කියලා තමයි කියවෙන්නේ. ස්කාර්ලට් ජොහැන්සන් එක්ක තිබුණ ප්රශ්නය වගේම ෆ්ලොරිඩා ප්රාන්තයේ නීති සම්බන්ධයෙන් ඔහු ගත්ත තීරණ නිසා සමාගම ඇතුළේ වගේම පිටතත් ලොකු විරෝධයක් ඇති වුණා. තමන්ව සමාගමේ අසාර්ථකත්වයට බිල්ලක් විදිහට පාවිච්චි කළාද කියන සැකය ඔහුට තියෙනවා. කොහොම වුණත්, ඩිස්නි සමාගමේ තිරය පිටුපස සිද්ධ වුණ මේ දේවල් ගැන දැනගන්න කැමති අයට මේ පොත ලොකු කුතුහලයක් ගෙන දෙන එකක් වේවි.

Discussion & Feedback