ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ෂපූර් සද්රාන් වයස අවුරුදු 38ක්ව තිබියදී අභාවප්‍රාප්ත වෙලා තියෙනවා. ඔහු පසුගිය කාලයේ සිට ‘ඇප්ලාස්ටික් ඇනීසියා’ නම් දුර්ලභ රුධිර රෝගයකින් පීඩා විඳිමින් ඉන්දියාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී තමයි මෙලෙස ජීවිතක්ෂයට පත්වෙලා තියෙන්නේ. ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය විසින් මේ කනගාටුදායක පුවත නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
ෂපූර් සද්රාන් කියන්නේ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට මූලික අඩිතාලම දැමූ ක්‍රීඩකයෙක්. වමතින් වේගපන්දු යැවූ ඔහු 2009 සිට 2020 දක්වා කාලය තුළ ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටු කළා. ඔහු එක්දින තරග 44කට සහ විස්සයි විස්ස තරග 36කට ක්‍රීඩා කරමින් කඩුලු 80ක් පමණ දවා ගැනීමට සමත් වුණා. ඔහුගේ කැපවීම සහ ක්‍රීඩාව කෙරෙහි තිබූ ලැදියාව නිසාම ඔහු ඇෆ්ගනිස්ථාන තරුණ ක්‍රීඩකයින්ට විශාල ආදර්ශයක් වුණා.
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය පවසන්නේ සද්රාන්ගේ වියෝව ඔවුන්ගේ ක්‍රිකට් ඉතිහාසයට විශාල පාඩුවක් බවයි. ඔහුගේ දායකත්වය සහ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඔහු කළ කැපවීම කිසිදා අමතක නොවන බවත් ඔවුන් සිහිපත් කරනවා. මේ මොහොතේ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට සහ හිතවතුන්ට සිය ශෝකය පළ කරන බවත් ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ක්‍රිකට් ලෝලීන් අතර සදානුස්මරණීය මතකයන් රැසක් ඉතිරි කරමින් ඔහු මෙලෙස අප අතරින් සමුගත්තේ ක්‍රිකට් ලෝකයටම කම්පනයක් ඇති කරමින්.

Discussion & Feedback