ජනාධිපති කාර්යාලයේ පාර්ලිමේන්තු හා කැබිනට් කටයුතු අංශයට අනුයුක්තව සේවය කරන ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙක්ව ජුනි 30 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන්නට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරලා තියෙනවා. මොහු අත්අඩංගුවට ගෙන තිබුණේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින්. සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ‘කරන්දෙණිය රාජු’ නමැත්තාට විදේශගත වෙන්න ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකසා දීමට උදව් කිරීමේ චෝදනාව යටතේ තමයි මේ නිලධාරියාව අත්අඩංගුවට අරන් තියෙන්නේ.
සිද්ධියට අදාළව කරුණු අනාවරණය වෙලා තියෙන්නේ ‘කරන්දෙණිය රාජු’ ඩුබායි සිට පිටුවහල් කිරීමෙන් පස්සේ ඔහුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදීයි. සැකකාර නිලධාරියා 2023 වසරේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයෙක් විදිහට සේවය කරද්දී, වෙනත් අයෙකුගේ නමකට මේ ව්‍යාජ ගමන් බලපත්‍රය සකසා දීලා තියෙනවා කියලා විමර්ශනවලදී හෙළි වෙලා තියෙනවා. මහනුවර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි මෙම නිලධාරියා සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මිනීමැරුම් හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Discussion & Feedback