කොළඹ කොල්ලුපිටිය හන්දියේදී ඉතාමත් අසාමාන්‍ය සිදුවීමක් වාර්තා වෙලා තියෙනවා. ඒ තමයි විදේශීය ජාතිකයෙක් පාරේ ගිය පුද්ගලයෙක්ගේ ජංගම දුරකථනයක් උදුරාගෙන පලා යන්න හදනකොටම මහජනතාව විසින් ඔහුව ලුහුබැඳ ගොස් අල්ලා ගැනීම. මේ සිදුවීමට අදාළ වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් හුවමාරු වෙමින් පවතිනවා. ඒ දර්ශනවලින් පැහැදිලිවම පේනවා මේ විදේශිකයා වට කරගෙන පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් කටයුතු කරන ආකාරය.
සිද්ධිය ඇසින් දුටු අය පවසන විදිහට, මේ පුද්ගලයා ඉතාමත් කපටි ලෙස පාරේ ගිය කෙනෙක්ගේ දුරකථනය උදුරාගෙන පලා යන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් ඒ වෙලාවේ එතැන හිටපු දේශීය පුද්ගලයෙක් වහාම ක්‍රියාත්මක වෙලා ඔහුව ලුහුබැඳ ගොස් අල්ලාගෙන තියෙනවා. පසුව වහාම පොලිසියට මේ ගැන දැනුම් දීලා, සැකකරුව පොලිස් භාරයට පත් කරන්න කටයුතු කරලා තියෙනවා. මේ වගේ සිදුවීමක් විදේශිකයෙක් අතින් සිදුවීම බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙලා තියෙනවා.
මේ වන විට පොලිසිය විසින් අදාළ විදේශිකයා අත්අඩංගුවට අරගෙන තියෙන අතර, මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වමින් ඉන්නවා. කොළඹ වගේ කාර්යබහුල නගරයක මෙවැනි සිදුවීම් වාර්තා වීම ගැන ජනතාවත් ලොකු අවධානයකින් ඉන්නේ. කොහොම වුණත්, මහජනතාවගේ සහයෝගය නිසාම මේ සැකකරුව නීතියේ රැහැනට හසු කරගන්න පුළුවන් වුණා.

Discussion & Feedback