ඩුබායි පාලක පවුලේ සාමාජිකයෙක් වන ෂෙයික් අහමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් කුමරුගේ අභාවය පිළිබඳ පුවත අහන්න ලැබීම ගැන ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සිය බලවත් කණගාටුව ප්‍රකාශ කරලා තියෙනවා. එතුමා මේ සම්බන්ධයෙන් සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින්, ඩුබායි රාජකීය පවුලට සහ එරට ජනතාවට සිය හෘදයාංගම ශෝකය පිරිනමන්න කටයුතු කළා. ඩුබායි පාලක සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහතාගේ බාල සොහොයුරා වන අහමඩ් කුමරු මිය යන විට 76 වැනි වියේ පසු වුණා.
මෙම ශෝකජනක පුවතත් සමඟ ඩුබායි රාජ්‍යය දින දහයක නිල ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ අනුව, එම කාලසීමාව තුළ ඩුබායි පුරාම ජාතික කොඩි අඩකුඹු කර තැබීමටත් පියවර අරන් තියෙනවා. අභාවප්‍රාප්ත අහමඩ් කුමරු ඩුබායි පොලිස් සහ මහජන ආරක්ෂක අංශයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙසත්, අල් වස්ල් ක්‍රීඩා සමාජයේ දිගු කලක් සභාපතිවරයා ලෙසත් විශාල සේවයක් ඉටු කරපු කෙනෙක්. එතුමාගේ වියෝව ඩුබායි රාජ්‍යයට ලොකු පාඩුවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අවාසනාවන්ත මොහොතේ ශ්‍රී ලංකාවත් ඩුබායි ජනතාව සමඟින් සිය ශෝකය බෙදා ගන්නවා.

Discussion & Feedback