ඩුබායි පාලක පවුලේ සාමාජිකයෙක් වන ෂෙයික් අහමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහතාගේ අභාවය පිළිබඳ පුවත අහන්න ලැබීම ගැන ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සිය බලවත් කනගාටුව ප්‍රකාශ කරලා තියෙනවා. එතුමා මේ ගැන තමන්ගේ ‘X’ ගිණුමේ පණිවිඩයක් තබමින් සඳහන් කරන්නේ, ඩුබායි රාජකීය පවුලට සහ එරට ජනතාවට තමන්ගේ හදපිරි ශෝකය පිරිනමන බවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහතාගේ බාල සොහොයුරා වන ෂෙයික් අහමඩ් මහතා වයස අවුරුදු 76ක්ව සිටියදී පසුගිය සැප්තැම්බර් 21 වැනිදා අභාවප්‍රාප්ත වුණා.
ෂෙයික් අහමඩ් මහතාගේ වියෝව වෙනුවෙන් ඩුබායි රාජ්‍යය දින දහයක නිල ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේ කාලය තුළ ඩුබායි පුරාම ජාතික කොඩි අඩකුඹු කර තැබීමටත් පියවර ගෙන තිබෙනවා. එතුමා සිය ජීවිත කාලය තුළ ඩුබායි පොලිස් සහ මහජන ආරක්ෂක අංශයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙසත්, අල් වස්ල් ක්‍රීඩා සමාජයේ දිගුකාලීන සභාපතිවරයා ලෙසත් විශාල සේවයක් ඉටු කරලා තියෙනවා. එතුමාගේ අභාවය ඩුබායි රාජ්‍යයට පමණක් නොවෙයි, එතුමාගේ නායකත්වය යටතේ වැඩුණු ක්‍රීඩා ක්ෂේත්රයටත් ලොකු පාඩුවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Discussion & Feedback