ඩුබායිහි ෂෙයික් අහමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහතාගේ අභාවය පිළිබඳ පුවත අසන්නට ලැබීමෙන් තමන් දැඩි කම්පනයට පත් වූ බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් සිය ‘X’ ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ඩුබායි රාජකීය පවුලට සහ එරට ජනතාවට තම හදපිරි ශෝකය සහ සංවේගය ප්‍රකාශ කරන බවයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහතාගේ බාල සොහොයුරා වන ෂෙයික් අහමඩ් බින් රෂීඩ් මහතා මියයන විට 76 වන වියේ පසු වුණා. එතුමා ඩුබායි පොලිස් සහ මහජන ආරක්ෂක අංශයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙසත්, අල් වස්ල් ක්‍රීඩා සමාජයේ දීර්ඝ කාලීන සභාපතිවරයා ලෙසත් විශාල සේවයක් ඉටු කර තිබෙනවා. එතුමාගේ අභාවය වෙනුවෙන් ඩුබායි රාජ්‍යය දින 10ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එරට සියලුම රාජ්‍ය ආයතනවල කොඩි අඩකුඹු කර තැබීමටත් පියවර ගෙන තිබෙනවා.
මෙම පුවත ලෝකයේ බොහෝ රටවල අවධානයට ලක්ව ඇති අතර, ෂෙයික් අහමඩ් මහතාගේ සේවය අගය කරමින් විදේශීය රාජ්‍ය නායකයන් රැසක් සිය ශෝකය පළ කරමින් පණිවිඩ නිකුත් කර තිබෙනවා. ඩුබායි රාජකීය පවුලට සහ එරට ජනතාවට සිදුවූ මෙම පාඩුව වෙනුවෙන් ශ්‍රී ලංකාව ද සිය ගෞරවය සහ ශෝකය මේ ආකාරයෙන් ප්‍රකාශ කර සිටිනවා.

Discussion & Feedback