කොළඹ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක් වන ‘ඇල්ටෙයාර්’ (Altair) ගොඩනැගිල්ලේදී හිටපු ශ්‍රී ලංකා හමුදා නිලධාරියෙකුට විදෙස් තානාපති කාර්යාලයක නිලධාරියෙකු විසින් පහර දීමේ සිද්ධියක් වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් මේ වන විට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙන අතර, සිද්ධියට අදාළ සීසීටීවී (CCTV) දර්ශන පෙළක්ද සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට සංසරණය වෙමින් පවතිනවා.
එම දර්ශනවලින් පෙනී යන්නේ හිටපු හමුදා නිලධාරියා ගොඩනැගිල්ලේ ලොබියේ වාඩි වී සිටින අතරතුර විදෙස් නිලධාරියා ඔහු වෙත පැමිණ බහින්බස් වීමක් සිදුවන ආකාරයයි. ඉන් අනතුරුව එම විදෙස් නිලධාරියා හිටපු හමුදා නිලධාරියා දෙසට කෙළ ගසා පසුව ඔහුට ශාරීරිකව පහර දෙන අයුරු ඉතා පැහැදිලිවම දැකගන්න පුළුවන්. මෙම සිදුවීම කාගේත් කතාබහට ලක්ව ඇත්තේ ඉතාමත් අශෝභන ක්‍රියාවක් ලෙසයි.
කෙසේ වෙතත්, මෙම විදෙස් නිලධාරියාට තානාපති මුක්තිය (Diplomatic Immunity) හිමිව තිබීම හේතුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී බලධාරීන් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව මේ වන විට බරපතල ප්‍රශ්න මතුවෙමින් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, තානාපති මුක්තිය තිබියදී මෙවැනි පහරදීමක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන අභියෝග පිළිබඳව බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවනවා.

Discussion & Feedback