කොළඹ ඇල්ටෙයාර් නිවාස සංකීර්ණයේදී විදේශ තානාපති කාර්යාලයක ඉහළ නිලධාරියෙක් සහ හිටපු ශ්‍රී ලංකා හමුදා නිලධාරියෙක් අතර ඇති වූ ගැටුමක් පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා. සිද්ධියට අදාළ සීසීටීවී දර්ශනවල පැහැදිලිවම දැකගන්න පුළුවන් වෙන්නේ, හිටපු හමුදා නිලධාරියා නිවාස සංකීර්ණයේ ලොබියේ වාඩි වී සිටින අතරතුර විදේශීය නිලධාරියා ඔහු වෙත පැමිණ බහින්බස් වීමක් ඇති කරගන්නා ආකාරයයි. පසුව එම විදේශීය නිලධාරියා හිටපු හමුදා නිලධාරියාගේ මුහුණට කෙළ ගසා, පසුව ඔහුට ශාරීරිකව පහර දෙන අයුරුත් එම දර්ශනවල සටහන් වෙලා තියෙනවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණත්, සැකකාර නිලධාරියාට රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය (Diplomatic Immunity) හිමි වීම නිසා නීතිය ක්‍රියාත්මක කිරීමේදී ගැටලු මතු විය හැකි බවටයි වාර්තා වෙන්නේ. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවලදී රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට නීතියෙන් යම් ආරක්ෂාවක් ලැබෙන නිසා, පොලිසිය මේ සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කරන්නේ කොහොමද කියන එක ගැන බොහෝ දෙනෙක් විමසිල්ලෙන් ඉන්නවා. සිද්ධියට සම්බන්ධ පාර්ශවයන් සහ අදාළ ආයතන මේ ගැන තවදුරටත් පරීක්ෂණ පවත්වන අතර, නීතිය සැමට සමානව ක්‍රියාත්මක වේවිද යන්න පිළිබඳව ජනතාව තුළ ලොකු කුතුහලයක් තියෙනවා.

Discussion & Feedback