ෆෝඩ් සමාගම තමන්ගේ අලුත්ම විදුලි ට්‍රක් රථය ‘Fathom’ නමින් හඳුන්වා දීමට සූදානම් වන බව පසුගියදා නිවේදනය කළා. මේ වාහනය 2027 වසරේදී වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත අතර, එහි මූලික මිල ඩොලර් 28,350ක් ලෙසයි තීරණය කරලා තියෙන්නේ. බෙදාහැරීමේ ගාස්තුත් එක්ක මේක ඩොලර් 30,000ක සීමාවට ආසන්න මිලක් වෙනවා. ෆෝඩ් සමාගම මේ ව්‍යාපෘතිය හරහා ටෙස්ලා සහ චීන විදුලි වාහන සමඟ තරඟ කිරීමට බලාපොරොත්තු වෙනවා.
මේ ට්‍රක් රථය ෆෝඩ් සමාගමේ අලුත්ම ‘Universal EV Platform’ එක යටතේ නිපදවන පළමු වාහනයයි. මෙහි Apple CarPlay සහ Android Auto පහසුකම් තියෙනවා වගේම, අලුත්ම BlueCruise තාක්ෂණයත් ඇතුළත් කරලා තියෙනවා. වාහනයේ ඇතුළත ඉඩකඩ ඉතා හොඳ මට්ටමක පවතින අතර, විශාල ස්පර්ශ තිරයක් සහ ඩිජිටල් කාර් කී (digital car key) පහසුකමත් දකින්න පුළුවන්. විශේෂයෙන්ම, මේ වාහනය නිෂ්පාදනය කරන්නේ ඇමරිකාවේ කෙන්ටකි ප්රාන්තයේදීයි.
විදුලි වාහන වෙළඳපොළේ දැඩි තරඟයක් පවතින මොහොතක, සාමාන්‍ය පාරිභෝගිකයාට දරාගත හැකි මිලකට මෙවැනි වාහනයක් ගෙන ඒම ෆෝඩ් සමාගම කරන ලොකු අභියෝගයක්. 2027 මුල් භාගයේදී මේ වාහනය පිළිබඳ වැඩි විස්තර සහ පෙර ඇණවුම් භාර ගැනීම ආරම්භ කරනවා. ටෙස්ලා සහ රිවියන් වැනි සමාගම්වලින් පැමිණි දක්ෂ ඉංජිනේරුවන් කණ්ඩායමක් මේ ව්‍යාපෘතිය පිටුපස සිටින නිසා, ඉදිරියේදී විදුලි වාහන ක්ෂේත්රයේ විශාල පෙරළියක් මේ හරහා සිදුවේවි කියලා තමයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙන්නේ.

Discussion & Feedback