මෑත කාලයේදී වාහන නිෂ්පාදනයේ ගුණාත්මකභාවය පවත්වා ගැනීමට කෘත්රිම බුද්ධිය සහ ස්වයංක්රීය පද්ධති මත පමණක් විශ්වාසය තැබීම ෆෝඩ් සමාගමට ලොකු පාඩුවක් වෙලා තියෙනවා. මේ නිසාම ඔවුන්ට නැවතත් අත්දැකීම් බහුල ඉංජිනේරුවන් 350 දෙනෙක්ව සේවයට බඳවා ගැනීමට සිද්ධ වුණා. කලින් වැඩ කරපු අය වගේම වෙනත් සැපයුම්කරුවන් යටතේ වැඩ කරපු ප්රවීණයන් පිරිසක් තමයි මේ විදිහට නැවත කැඳවලා තියෙන්නේ. වාහනයක් නිෂ්පාදනය වෙන්න කලින්ම එහි ඇති විය හැකි දෝෂ හඳුනා ගන්න මේ ‘අළු රැවුල්’ ඉංජිනේරුවන් හෙවත් අත්දැකීම් බහුල පිරිස විශාල දායකත්වයක් ලබා දෙනවා.
ෆෝඩ් සමාගමේ ප්රධාන මෙහෙයුම් නිලධාරි කුමාර් ගල්හෝත්රා පවසන විදිහට, තාක්ෂණය මතම රඳා පැවතීම නිසා ඔවුන්ට බලාපොරොත්තු වුණ ගුණාත්මක මට්ටම ලබාගන්න බැරි වුණා. ඒත් දැන් මේ ඉංජිනේරුවන් හරහා කෘත්රිම බුද්ධි මෙවලම් නැවත සකස් කරමින් සහ තරුණ සේවකයන්ව පුහුණු කරමින් ඔවුන් විශාල දියුණුවක් ලබාගෙන තියෙනවා. මේ වෙනස නිසා වගකීම් සහතික සහ වාහන ආපසු කැඳවීමේ වියදම් විශාල වශයෙන් අඩු කරගන්න ෆෝඩ් සමාගමට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම මේ පියවර නිසාම JD Power ආයතනය නිකුත් කරපු වාර්තාවට අනුව ප්රධාන පෙළේ වාහන සන්නාම අතරින් ඉහළම තැනට එන්නත් ඔවුන්ට හැකි වුණා. තාක්ෂණය කොච්චර දියුණු වුණත් මිනිස් බුද්ධිය සහ අත්දැකීම් තවමත් කොයිතරම් වටිනවද කියන එකට මේක හොඳම උදාහරණයක්.

Discussion & Feedback