FIFA සභාපති ජියാനി ඉන්ෆැන්ටිනෝ මහතා විසින් යෝජනා කර තිබූ ‘FIFA Forward Enterprise Initiative’ වැඩසටහන ඉල්ලා අස්කර ගැනීමට ගත් තීරණය ශ්රී ලංකා පාපන්දු සම්මේලනය ඉතා සතුටින් පිළිගන්නවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා පවසා සිටියේ, මෙය FIFA සාමාජික රටවල් අතර සහයෝගීතාව සහ එකමුතුකම තහවුරු කිරීමට ඉන්ෆැන්ටිනෝ මහතා තුළ ඇති කැපවීම මනාව පෙන්නුම් කරන බවයි. සාමාජික රටවල අදහස්වලට සහ ගැටලුවලට සවන් දීමට ඔහු දක්වන සූදානම ඔහුගේ නායකත්වයේ ඇති විශේෂත්වයක් බවත් මෙහිදී අවධාරණය කෙරුණා.
අනාගතයේදී ඕනෑම තීරණයක් ගැනීමේදී FIFA ආයතනය සියලුම සාමාජික රටවල් සමඟ සාකච්ඡා කර, එකඟතාවයකින් යුතුව කටයුතු කරනු ඇතැයි ශ්රී ලංකා පාපන්දු සම්මේලනය දැඩි විශ්වාසයකින් පසුවෙනවා. පාපන්දු ක්රීඩාව හරහා ලෝකය එක්සත් කිරීමේ සහ සහයෝගීතාව වර්ධනය කිරීමේ ඉන්ෆැන්ටිනෝ මහතාගේ දැක්මට ආසියාවේ බොහෝ පාපන්දු සම්මේලන මෙන්ම ශ්රී ලංකාවත් සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා. මෙම තීරණය ලෝක පාපන්දු ක්රීඩාවේ අනාගතයට ඉතා වැදගත් වන අතර, එය සාමාජික රටවල් අතර සුහදශීලී සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමට මග පාදනු ඇති බවයි පාපන්දු ක්ෂේත්රයේ බොහෝ දෙනාගේ අදහස වී තිබෙන්නේ.

Discussion & Feedback