නේපාල-ටිබෙට් දේශසීමාවේ පිහිටි ගයිරොන්ග් වරාය ආශ්‍රිතව පසුගිය දිනවල ඇතිවූ දරුණු හදිසි ගංවතුර තත්ත්වය ලෝකයම කම්පා කළ දසුනක් වුණා. සමාජ මාධ්‍ය ඔස්සේ මේ ව්‍යසනයේ දරුණු දසුන් ලොව පුරා පැතිර ගියත්, චීනය තුළ මේ පිළිබඳ තොරතුරු ඉතා සීමිතයි. චීනයේ රාජ්‍ය මාධ්‍ය මේ පිළිබඳව ඉතා සුළු තොරතුරු ප්‍රමාණයක් පමණක් වාර්තා කරන අතර, එරට අන්තර්ජාලය තුළ පවා මේ පිළිබඳ සත්‍ය තොරතුරු සොයාගැනීම ඉතාම අපහසුයි. සිය ගණනක් මියගොස් තවත් විශාල පිරිසක් අතුරුදහන්ව සිටියදීත්, චීන රජය මේ සිදුවීම සම්බන්ධයෙන් දැඩි නිහඬතාවක් අනුගමනය කිරීම ලෝකයේම අවධානයට ලක්ව තිබෙනවා.
චීන ජනාධිපති ෂී ජින්පින් සහ අගමැති ලී චියැං මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් සහන කටයුතු මෙහෙයවන බව පැවසුවත්, ටිබෙට් ප්‍රදේශයේ පවතින දැඩි පාලනය සහ මාධ්‍ය වාරණය නිසා සැබෑ තත්ත්වය දැනගැනීම තවමත් අභියෝගයක්. ටිබෙට් වැසියන්ගේ හඬ හෝ පවුල්වල සාමාජිකයන්ගේ අත්දැකීම් ලෝකයට වාර්තා කිරීමට චීන බලධාරීන් ඉඩ ලබා දෙන්නේ නැහැ. රටේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ දේශපාලනික අසහනයක් ඇතිවීම වැළැක්වීම සඳහා චීනය මෙවැනි ව්‍යසනයන් පවා දැඩි ලෙස පාලනය කරන බවයි ජාත්‍යන්තර මාධ්‍යවේදීන් පෙන්වා දෙන්නේ. විදේශීය මාධ්‍යවේදීන්ට ටිබෙට් ප්‍රදේශයට ඇතුළු වීමට අවසර නොමැති වීම නිසා, රාජ්‍ය මාධ්‍ය විසින් ලබාදෙන සීමිත තොරතුරු මත පමණක් යැපීමට ලෝකයට සිදුව තිබෙනවා.

Discussion & Feedback