මැනිලා නුවර පැවැත්වෙන 33 වන ආසියානු කලාපීය සංසදයට සමගාමීව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ලෝකයේ ප්‍රබල රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ වැදගත් සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා. එහිදී ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මහතා හමුවූ අමාත්‍යවරයා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව අවධානය යොමු කළා. මීට අමතරව, ඇමරිකාවේ විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් මහතා සමඟ පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා සහය ලබාගැනීම සහ වෙළෙඳ සබඳතා වර්ධනය කරගැනීම ගැනත් විශේෂයෙන් කතාබහ කර තිබෙනවා.
රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් මහතා සමඟ පැවති හමුවේදී ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට 2027 වසරේදී වසර 70ක් පිරීම නිමිත්තෙන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශවයම එකඟතාව පළ කළා. ඒ වගේම බ්‍රසීලයේ විදේශ අමාත්‍ය මවුරෝ වීරා මහතා සමඟ පැවති සාකච්ඡාවේදී කෘෂිකාර්මික ක්ෂේත්රයේ සහයෝගීතාව ගැන වැඩි අවධානයක් යොමු වුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සීනි කර්මාන්තය දියුණු කිරීම සඳහා බ්‍රසීලය ලබාදීමට නියමිත තාක්ෂණික සහයෝගය පිළිබඳව අමාත්‍යවරයා සිය ස්තූතිය පළ කළා. මෙම හමුවීම් හරහා ඉදිරියේදී ශ්‍රී ලංකාවට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විශාල දියුණුවක් ලබාගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරනවා.

Discussion & Feedback