ගානාවේ අගනුවර වන අක්රා නගරයට පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ වන විටත් ගලවා ගැනීමේ කණ්ඩායම් 470කට අධික පිරිසක් බේරා ගැනීමට කටයුතු කර ඇති අතර, තවත් පිරිසක් අතුරුදන්ව සිටින නිසා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි ගිනි නිවන සේවය පවසන්නේ. නගරයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවීම නිසා නිවාස සහ වාහන විශාල ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. තත්ත්වය තවත් දරුණු කරමින් නගරයේ රබර් කර්මාන්ත ශාලාවක ගින්නක්ද හටගෙන තියෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ ඉදිරි පැය කිහිපය තුළ තවත් වැසි ලැබිය හැකි බවයි. ඒ නිසා ජනතාවට ආරක්ෂිත ස්ථානවලට යන ලෙසත්, ගංවතුර සහිත මාර්ගවල ගමන් කිරීමෙන් වළකින ලෙසත් රජය දැඩිව උපදෙස් දී තිබෙනවා. විදුලි කාන්දුවීම් වළක්වා ගැනීමට බලපෑමට ලක්වූ ප්‍රදේශවල විදුලිය විසන්ධි කිරීමටද පියවර ගෙන තියෙනවා. නගරයේ පවතින දුර්වල ජල අපවහන පද්ධතිය සහ ජල මාර්ග හරස් කර ඉදිකර ඇති අනවසර ගොඩනැගිලි මෙම විනාශයට ප්‍රධාන හේතුවක් බවයි බලධාරීන් පවසන්නේ. ජනාධිපතිවරයා විසින් එවැනි අනවසර ඉදිකිරීම් කඩිනමින් ඉවත් කිරීමට නියෝග කර ඇති අතර, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් හමුදාව සහ පොලිසිය එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.

Discussion & Feedback