ඇල්බේනියාවේ මේ දිනවල දැවැන්ත විරෝධතා රැල්ලක් නිර්මාණය වෙලා තියෙනවා. මුලින්ම මේ විරෝධතාව පටන් ගත්තේ නාර්ටා කලපු ආශ්‍රිතව ඉදිවෙන සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියකට එරෙහිවයි. මේ ප්‍රදේශයේ ජීවත් වෙන දුර්ලභ ෆ්ලෙමින්ගෝ පක්ෂීන්ගේ වාසභූමියට හානි සිදුවෙන නිසා පරිසරවේදීන් ඇතුළු පිරිසක් මේ ව්‍යාපෘතියට විරුද්ධ වුණා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණා වන ජෙරඩ් කුෂ්නර් ඇතුළු පිරිසක් සම්බන්ධ මේ ව්‍යාපෘතිය නිසා පරිසරයට විශාල හානියක් සිදුවෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ නිසා මේ උද්ඝෝෂණය ‘ෆ්ලෙමින්ගෝ විප්ලවය’ විදියට ප්‍රසිද්ධ වුණා.
නමුත් දැන් මේ විරෝධතාවයේ ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ජනතාව දැන් අගමැති එඩි රාමාගේ ඉල්ලා අස්වීම ඉල්ලා සිටිනවා. රටේ පවතින දූෂණ, අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්රවල පිරිහීම සහ ජීවන වියදම ඉහළ යාම වැනි කරුණු රැසක් ඔවුන් මතු කරනවා. වසර 13ක් තිස්සේ බලයේ ඉන්න රජය සහ සංවිධානාත්මක අපරාධකරුවන් අතර සම්බන්ධයක් තියෙන බවට විරෝධතාකරුවන් චෝදනා කරනවා. අගමැතිවරයා මේ විරෝධතා ප්රජාතන්ත්රවාදී අයිතියක් ලෙස හැඳින්වුවත්, ඔහුගේ සමීපතමයන් කිහිප දෙනෙක්ම මේ වන විට දූෂණ චෝදනා යටතේ පරීක්ෂණවලට ලක්වෙමින් ඉන්නවා. තමන්ගේ රට අතහැර යන්නට අකමැති තරුණ පරපුර මේ විරෝධතාවල ඉදිරියෙන්ම ඉන්නවා කියන එක තමයි විශේෂම දේ.

Discussion & Feedback