ලෝක සිනමාවේ ඉහළම සම්මානයක් වන කෑන්ස් සිනමා උළෙලේ ‘Palme d’Or’ සම්මානය දිනාගත් ක්රිස්ටියන් මුන්ගියුගේ නවතම සිනමා නිර්මාණය වන ‘Fjord’ චිත්රපටයේ නිල ට්රේලරය මේ වන විට නිකුත් කර තිබෙනවා. ඔක්තෝබර් 9 වැනිදා ඇමරිකානු සිනමාහල්වල තිරගත වීමට නියමිත මෙම චිත්රපටය, නෝර්වේජියානු කාන්තාවක් සහ ඇගේ රුමේනියානු සැමියා තම දරුවන් පස්දෙනා සමඟ හුදකලා වෙරළබඩ නගරයකට පදිංචියට යාම වටා ගෙතී තිබෙනවා. මෙහි ප්රධාන චරිත සඳහා රෙනේ රීන්ස්වේ සහ සෙබස්තියන් ස්ටෑන් රංගනයෙන් දායක වන අතර, ඔවුන්ගේ දරුවන් අසල්වැසි පවුලක් සමඟ ඇති කරගන්නා බැඳීමත් සමඟ කතාවේ ගැටුම්කාරී තත්ත්වයන් මතු වෙන්න පටන් ගන්නවා.
චිත්රපටයේ කතා තේමාව සමාජයේ පවතින දැඩි මතවාද සහ අනිසි චෝදනා වටා ගොඩනැගී තිබෙනවා. විශේෂයෙන්ම ළමා අපයෝජන චෝදනා මතු වීමත් සමඟ, සමාජයේ විනිශ්චයන් සහ පක්ෂග්රාහී බව අතර ඇති සියුම් රේඛාව ගැන ප්රේක්ෂකයාට ගැඹුරින් සිතන්නට මෙම චිත්රපටය බල කරනවා. විචාරකයන් පවසන පරිදි, මෙය සරල පිළිතුරු ලබා දෙනවාට වඩා සමාජයේ පවතින සංකීර්ණ ප්රශ්න මතු කරන බුද්ධිමත් සිනමා නිර්මාණයක්. ඉදිරියේදී පැවැත්වෙන සිනමා සම්මාන උළෙලවල්වලදී ‘Fjord’ චිත්රපටය ප්රබල තරඟකරුවෙකු වනු ඇති බවටයි සිනමා විචාරකයන් අනාවැකි පළ කරන්නේ. ඔබත් සිනමා ලෝලියෙක් නම්, මෙම චිත්රපටය ඔබේ නැරඹිය යුතු ලැයිස්තුවට එකතු කරගන්න පුළුවන්.

Discussion & Feedback