ලෝක ආර්ථිකයේ පවතින අවිනිශ්චිත තත්ත්වය හමුවේ, කැනඩාව ලෝකයේ ප්‍රධාන පෙළේ ආයෝජකයින් සඳහා ආරක්ෂිත තෝතැන්නක් බවට පත් කිරීමට අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි මේ දිනවල දැඩි උත්සාහයක නිරත වෙනවා. ඉදිරි වසර පහ තුළ කැනේඩියානු ඩොලර් ට්‍රිලියනයක ආයෝජන රට තුළට ගෙන ඒම ඔහුගේ ඉලක්කයයි. ඇමරිකාව සමඟ පවතින වෙළඳ ගැටුම් හමුවේ, කැනඩාව සිය ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට යුරෝපය, ආසියාව සහ මැදපෙරදිග දෙසට වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. මේ සඳහා ටොරොන්ටෝ නුවර පැවති විශේෂ සමුළුවකදී දත්ත මධ්‍යස්ථාන, නල මාර්ග සහ වරාය ව්‍යාපෘති 160කට අධික ප්‍රමාණයක් ආයෝජකයින් වෙත ඉදිරිපත් කිරීමට රජය පියවර ගත්තා.
මෙම වැඩපිළිවෙල යටතේ කැනඩාවේ ප්‍රධාන ගුවන් තොටුපළවල් හතරක් සඳහා පෞද්ගලික ආයෝජන ලබා ගැනීමට කාර්නි සැලසුම් කර තිබෙනවා. කෙසේ වෙතත්, මෙම තීරණය සම්බන්ධයෙන් කම්කරු සංගම්වලින් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. ඔවුන් පවසන්නේ මෙය මහජන දේපළ පෞද්ගලීකරණය කිරීමක් බවයි. කෙසේ වෙතත්, කැනඩාවේ පවතින පිරිසිදු බලශක්ති ජාලය සහ දත්ත මධ්‍යස්ථාන සඳහා ඇති ඉඩකඩ නිසා කෘත්‍රිම බුද්ධි (AI) ව්‍යාපෘති කෙරෙහි ආයෝජකයින්ගේ විශාල උනන්දුවක් පවතින බවයි වාර්තා වෙන්නේ. දැනටමත් මෙම සමුළුව හරහා කැනේඩියානු ඩොලර් බිලියන 500ක පමණ ආයෝජන පොරොන්දු ලැබී ඇති අතර, මෙය කැනඩාවේ ආර්ථික අනාගතය වෙනස් කරන තීරණාත්මක පියවරක් වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

Discussion & Feedback