අරාබි මුහුදේ ගමන් කරමින් තිබූ ඉරාන යාත්‍රාවක තිබී හෙරොයින් සහ මෙතම්ෆෙටමින් කිලෝග්‍රෑම් 526ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 3,000කටත් වඩා වැඩියි කියලයි වාර්තා වෙන්නේ. ඉන්දීය වෙරළාරක්ෂක බළකාය, ගුජරාට් ත්‍රස්ත විරෝධී බළකාය සහ මධ්‍යම බුද්ධි අංශ එකතු වෙලා කරපු විශේෂ මෙහෙයුමකින් තමයි මේ ජාවාරම හෙළි කරගන්න පුළුවන් වුණේ.
ලක්ෂද්වීපයට බටහිර දෙසින් ගමන් කරමින් තිබූ මේ සැකකටයුතු ඉරාන යාත්‍රාව ගැන බුද්ධි අංශවලට ලැබුණු තොරතුරකට අනුව තමයි ඔවුන් මේ වැටලීම සිදු කළේ. යාත්‍රාව ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එහි සිටි පාකිස්තාන ජාතිකයන් පස් දෙනෙකුත් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ වන විට අදාළ යාත්‍රාව සහ සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මුම්බායි වෙත රැගෙන ගොස් තිබෙනවා.
ඉන්දීය වෙරළාරක්ෂක බළකාය පවසන්නේ තම රටේ මුහුදු සීමාවන් ආරක්ෂා කිරීමටත්, මෙවැනි ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයන් මුලිනුපුටා දැමීමටත් තමන් දිගින් දිගටම කැපවී සිටින බවයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් ආයතන කිහිපයක් එකතු වෙලා පුළුල් විමර්ශනයක් පවත්වන අතර, ඉදිරියේදී සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතයි.

Discussion & Feedback