Five Nights at Freddy’s (FNaF) වීඩියෝ ගේම් සහ චිත්රපට මාලාවට ආදරය කරන රසිකයන්ට ලබන වසරේදී ඇදහිය නොහැකි අත්දැකීමක් ලැබෙන්න යනවා. ඇමරිකාවේ නිව් ජර්සි ප්රාන්තයේ පිහිටි ‘ඇමරිකන් ඩ්රීම්’ සාප්පු සංකීර්ණයේදී ලොව ප්රථම ස්ථිර ‘Freddy Fazbear’s Pizza’ ආපනශාලාව විවෘත කිරීමට නියමිතයි. මේක නිකම්ම නිකම් ආපනශාලාවක් නෙවෙයි, ගේම් එකේ සහ චිත්රපටවල දකින්න ලැබෙන ඒ බිහිසුණු සහ අද්භූත අවන්හල ඇත්තටම නිර්මාණය කරලා තියෙනවා. මෙතැනට යන රසිකයන්ට රසවත් පීසා කෑම වේලක් රසවිඳින ගමන්ම, තමන්ගේ ප්රියතම ඇනිම,ට්රොනික් චරිතවල ප්රසංගයක් බලන්නත්, ආකේඩ් ක්රීඩා කරන්නත් පුළුවන්.
මේ ව්යාපෘතියේ ප්රධාන නිර්මාණකරුවෙක් වන ඇට්රෙයු අල්කන්ටාර් පවසන විදිහට, ඔවුන් උත්සාහ කරන්නේ හුදෙක් චිත්රපට කට්ටලයක් වගේ තැනක් හදන්න නෙවෙයි, රසිකයන්ට ඇත්තටම ඒ ලෝකය ඇතුළටම යන්න පුළුවන් විදිහේ අත්දැකීමක් ලබා දෙන්නයි. මෙතැනදී ෆ්රෙඩී සහ ඔහුගේ කණ්ඩායම වේදිකාවේ රඟපාන හැටි වගේම, ෆොක්සි ද පයිරේට්ව පවා දැකගන්න පුළුවන්. ඒ වගේම බියකරු අත්දැකීම් සහිත බහු-ක්රීඩක ක්රීඩා (multi-player games) වල නිරත වෙන්නත් රසිකයන්ට අවස්ථාව ලැබෙනවා.
FNaF චිත්රපට මාලාවේ තුන්වන කොටස එනතුරු රසිකයන් බලාගෙන ඉන්න අතරතුරේදී ලැබෙන මේ ආරංචිය ඔවුන්ට ලොකු සතුටක් ගෙන දෙනවා. දැනටමත් ලොව පුරා අතිශය ජනප්රිය වෙලා තියෙන මේ ෆ්රැන්චයිස් එක, බොක්ස් ඔෆිස් වාර්තා තබමින් සාර්ථක ගමනක් යනවා. ඉතින්, ඔබත් මේ බිහිසුණු ලෝකයට කැමති කෙනෙක් නම්, ලබන වසරේ නිව් ජර්සි යන ගමනේදී මේ අත්දැකීම අනිවාර්යයෙන්ම විඳගන්න පුළුවන් වේවි.

Discussion & Feedback