ප්රංශයේ රෙනොයා කෞතුකාගාරයට කඩා වැදුණු පිරිසක් පියරේ ඔගස්ට් රෙනොයා නම් ප්රකට චිත්ර ශිල්පියාගේ වටිනා සිතුවම් කිහිපයක් සොරාගෙන තිබෙනවා. විදුලි කියත් සහ උපකරණ භාවිත කරමින් ඉතා කෙටි කාලයකින් මෙම සොරකම සිදු කර ඇති අතර, මෙය යුරෝපය පුරා මේ දිනවල බහුලව සිදුවන කෞතුකාගාර කොල්ලකෑම්වල තවත් එක් සිදුවීමක් පමණයි. පසුගිය කාලයේ පැරිසියේ ලූවර් කෞතුකාගාරයට එල්ල වූ දැවැන්ත ප්රහාරයෙන් පසු, ලොව පුරා සිටින අපරාධකරුවන් මෙවැනි ස්ථාන ඉලක්ක කර ගැනීමට පෙළඹී ඇති බවයි විමර්ශන අංශ පෙන්වා දෙන්නේ. විශේෂයෙන්ම වටිනා මැණික්, රන් ආභරණ සහ පහසුවෙන් රැගෙන යා හැකි කුඩා කලා නිර්මාණ ඔවුන්ගේ ප්රධාන ඉලක්ක බවට පත්වෙලා.
යුරෝපීය පොලිස් ඒජන්සිය වන යුරෝපෝල් පවසන පරිදි, මීට වසර දෙකකට පමණ පෙර සිට මෙවැනි සොරකම්වල කැපී පෙනෙන වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඔස්ට්රියාව, ස්පාඤ්ඤය සහ ඉතාලිය වැනි රටවල කෞතුකාගාරවලින්ද වටිනා පුරාවස්තු සොරාගෙන ඇති අතර, මේවා බොහෝ විට ලූවර් කෞතුකාගාරයේ සිදුවීම අනුකරණය කරමින් සිදුකරන ලද ඒවා බවයි විශේෂඥයන්ගේ මතයයි. මේ තත්ත්වය හමුවේ ලෝකයේ සෑම කෞතුකාගාරයක්ම දැඩි ආරක්ෂක විධිවිධාන ගැන නැවත සිතා බැලීමට පටන් ගෙන තිබෙනවා. කෙසේ වෙතත්, ඉතිහාසයට වටිනා මෙවැනි කලා නිර්මාණ මෙලෙස අතුරුදහන් වීම සංස්කෘතික උරුමයන්ට විශාල තර්ජනයක් බවයි විද්වතුන් පවසන්නේ. කෞතුකාගාරවල ආරක්ෂාව තවදුරටත් තර කිරීමට බලධාරීන් පියවර ගනිමින් සිටින අතර, සොරාගත් සිතුවම් සහ වස්තූන් සොයා තවමත් පරීක්ෂණ ක්රියාත්මකයි.

Discussion & Feedback