රුසියාවේ මොස්කව් කලාපයට එල්ල වූ දැවැන්ත යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ ප්‍රහාරයෙන් තවත් දස දෙනෙක් තුවාල ලබා ඇති අතර, ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි මොස්කව් කලාපයේ ආණ්ඩුකාරවරයා සඳහන් කරන්නේ. ප්‍රහාරය එල්ල වුණේ මොස්කව් නුවරට කිලෝමීටර් 69ක් පමණ දකුණින් පිහිටි චෙකොව් ප්‍රදේශයේ පිහිටි කාර්මික කලාපයකටයි. යුක්රේනය දිගින් දිගටම රුසියාවේ ‘වයිල්ඩ්බෙරිස්’ (Wildberries) නැමැති ප්‍රධාන ගබඩා මධ්‍යස්ථාන ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන අතර, මේවා රුසියානු හමුදාවට අවශ්‍ය සැපයුම් ලබා දෙන ස්ථාන බවයි ඔවුන් පවසන්නේ. කෙසේ වෙතත් රුසියාව මේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා.
මේ අතරතුර රුසියාවත් යුක්රේනයේ විවිධ නගර ඉලක්ක කරමින් දැඩි ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. මයිකොලයිව් සහ සුමි නගරවලට එල්ල වූ ප්‍රහාරවලින් කුඩා දරුවන් ඇතුළු සිවිල් වැසියන් කිහිප දෙනෙකුම ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ තමන් යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන යානා 320ක් පමණ අහසේදීම විනාශ කළ බවයි. දෙරට අතර පවතින මේ ගැටුම්කාරී තත්ත්වය දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් පවතින අතර, දෙපාර්ශවයෙන්ම සිවිල් වැසියන්ට විශාල හානියක් සිදුවෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback