හොංකොං පාලනයට සහ අධිකරණයට එරෙහිව ද්වේෂ සහගත අදහස් ප්‍රචාරය කරන බව පවසමින්, තහනම් පොත් අලෙවි කළ බවට සැකපිට පුද්ගලයින් පස් දෙනෙකු හොංකොං පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මොන්ග් කොක් ප්‍රදේශයේ පිහිටි ‘හැව් අ නයිස් ස්ටේ’ සහ ‘ග්‍රීන්ෆීල්ඩ්’ යන පොත්හල් දෙක මෙලෙස වැටලීමට ලක්වූ අතර, එහි තිබූ පොත්පත් විශාල ප්‍රමාණයක් පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස අතර වයස අවුරුදු 30ත් 59ත් අතර පසුවන කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමින් දෙදෙනෙක් සිටිනවා. මොවුන් ජාතික ආරක්ෂක නීති උල්ලංඝනය කරමින් දේශද්‍රෝහී අරමුණු සහිතව කටයුතු කළ බවටයි චෝදනා එල්ල වී තිබෙන්නේ.
මෙම වැටලීමට ලක්වූ පොත්හල්වල ප්රජාතන්ත්රවාදය, මාධ්‍ය සාක්ෂරතාව සහ සමාජ විද්‍යාව වැනි විෂයයන් සම්බන්ධ පොත්පත් අලෙවි කර තිබෙනවා. විශේෂයෙන්ම ‘හැව් අ නයිස් ස්ටේ’ පොත්හල අගෝස්තු මාසයේදී වසා දැමීමට තීරණය කර තිබුණේ පවතින අවිනිශ්චිත නීතිමය තත්ත්වයන් හේතුවෙන්. මේ සිදුවීමත් සමඟ හොංකොංහි පොත් අලෙවිකරුවන් සහ ලේඛකයින් දැඩි බියකින් පසුවන බවත්, තමන් අලෙවි කරන පොත් නිසා ඕනෑම මොහොතක අත්අඩංගුවට පත්විය හැකි බවත් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය පෙන්වා දෙනවා. වරදකරුවන් වුවහොත් මෙම පිරිසට වසර හතක් දක්වා සිරදඬුවම් විඳීමට සිදුවිය හැකි බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback