කෘත්‍රිම බුද්ධි හඬ තාක්ෂණය (AI Voice Models) ලෝකයේ අද වන විට ඉතාම වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා. මේ ක්ෂේත්රයේ පෙරමුණේ ඉන්න ‘Fish Audio’ සමාගම තමන්ගේ ඉදිරි කටයුතු තවත් පුළුල් කරගන්න ඩොලර් මිලියන 50ක දැවැන්ත ආයෝජනයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. NVIDIA හිටපු පර්යේෂකයෙක් වන ෂිජියා ලියාඕ විසින් ආරම්භ කරපු මේ සමාගම, අද වන විට ලක්ෂ 80කට අධික පරිශීලකයන් පිරිසක් භාවිතා කරන සාර්ථක වේදිකාවක් බවට පත්වෙලා ඉවරයි. විශේෂයෙන්ම වීඩියෝ ක්‍රීඩා නිර්මාණකරුවන්ට සහ ව්‍යාපාරික ආයතනවලට අවශ්‍ය ඉතාම ස්වාභාවික සහ හැඟීම්බර හඬවල් නිර්මාණය කරන්න මේ තාක්ෂණය ලොකු පිටුවහලක් වෙනවා.
කෙසේ වෙතත්, මේ තාක්ෂණයත් එක්කම යම් යම් ගැටලුත් මතු වුණා. සමහර නිර්මාණකරුවන්ගේ හඬ ඔවුන්ගේ අවසරයකින් තොරව භාවිතා කිරීම ගැන චෝදනා එල්ල වුණා. ඒ නිසාම Fish Audio සමාගම දැන් තමන්ගේ ආරක්ෂක පියවරයන් තවත් දැඩි කරලා තියෙනවා. විශේෂයෙන්ම කෙනෙක්ගේ හඬක් වැරදි විදියට භාවිතා වෙනවා නම්, ඒක විනාඩි 3ක් වගේ කෙටි කාලයකින් ඉවත් කරන්න පුළුවන් ස්වයංක්‍රීය ක්‍රමවේදයක් ඔවුන් හඳුන්වා දීලා තියෙනවා. නිර්මාණකරුවන්ගේ විශ්වාසය දිනාගැනීම තමයි මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වයට තියෙන ලොකුම අභියෝගය කියලා ආයෝජකයනුත් පෙන්වා දෙනවා. ඉදිරියේදී මේ තාක්ෂණය හරහා නිර්මාණකරුවන්ට තමන්ගේ හඬින් මුදල් උපයන්න පුළුවන් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නත් ඔවුන් බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback