ජනප්රිය ‘ග්රේව්සෙන්ඩ්’ (Gravesend) කතාමාලාවේ තුන්වන වාරය සඳහා වන ට්රේලරය මේ වන විට නිකුත් වෙලා තියෙනවා. මේ ට්රේලරය හරහා අපිට අභාවප්රාප්ත ප්රවීණ නළු වින්සන්ට් පැස්ටෝර් රඟපෑ අවසන් රූපවාහිනී චරිතය දැකගන්න පුළුවන්. වයස අවුරුදු 80ක් වු පැස්ටෝර් පසුගිය අගෝස්තු මාසයේදී අභාවප්රාප්ත වුණේ ස්වභාවික හේතූන් මතයි. ඔහු මේ කතාමාලාවේ ‘ඩොනී ග්ලිස්ටෝ’ ලෙසින් විශිෂ්ට රංගනයක නිරත වුණා.
මේ වාරයේ තවත් විශේෂත්වයක් තමයි සුප්රසිද්ධ ක්රීඩක ශකීල් ඕ’නීල් මේ කතාමාලාවට එක්වීම. ඔහු මෙහි රංගනයෙන් දායක වෙනවා වගේම විධායක නිෂ්පාදකවරයෙක් විදිහටත් කටයුතු කරනවා. ඒ වගේම ටෝනි ඩැන්සා, ටාලියා ෂයර්, ඩොමිනික් චියානීස් සහ වින්සන්ට් කියුරැටෝලා වැනි අලුත් මුහුණු රැසක් මේ වාරයේදී අපිට දකින්න ලැබෙනවා. විලියම් ඩිමියෝ විසින් නිර්මාණය කර අධ්යක්ෂණය කරන මේ කතාමාලාව, ප්රයිම් වීඩියෝ (Prime Video) ඔස්සේ ප්රේක්ෂකයන්ට නැරඹීමේ අවස්ථාව හිමි වෙනවා.
චාස් පාල්මින්ටේරි, ආමන්ඩ් අසාන්ටේ සහ මාරියෝ කැන්ටෝන් වැනි ප්රවීණ නළු නිළියන් රැසක් නැවතත් මේ කතාමාලාවට එක්වෙලා ඉන්නවා. ස්වාධීන නිෂ්පාදනයක් විදිහට නිර්මාණය වුණු ‘ග්රේව්සෙන්ඩ්’ කතාමාලාවේ තුන්වන වාරය මේ වසරේ අගභාගයේදී විකාශය වීමට නියමිතයි. වින්සන්ට් පැස්ටෝර්ගේ අවසන් රංගනය දකින්න ලැබෙන නිසාම රසිකයන් මේ වාරය ගැන ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා.

Discussion & Feedback