ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ දක්ෂ පිතිකරු සොනල් දිනුෂ මේ දිනවල ක්රිකට් ලෝකයම කතා වෙන මාතෘකාවක් බවට පත්වෙලා ඉන්නවා. ඉන්දියාව සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ඔහු අතිවිශිෂ්ට දස්කම් දක්වමින් ටෙස්ට් ක්රිකට් ඉතිහාසයේ කිසිවෙකුත් නොකළ විරූ වාර්තාවක් තමන්ගේ නම ඉදිරියේ ලියාගන්න සමත් වුණා. ඒ තමයි ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදීම අංක 6 හෝ ඊට පහළින් පන්දුවට පහර දෙමින් ශතක දෙකක් වාර්තා කළ ලොව පළමු ක්රීඩකයා බවට පත්වීම. මේ වගේ දස්කමක් මීට පෙර කිසිම ක්රීඩකයෙක් ටෙස්ට් ඉතිහාසයේ කරලා නැහැ කියන එක තමයි විශේෂත්වය.
සොනල් දිනුෂ මේ තරගාවලිය පුරාවටම ඉතාමත් ඉහළ දක්ෂතා අතර ඉන්නවා. පීඩනය මැද වුණත් කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කරමින් ඔහු ලබාගත්ත මේ ශතකයත් එක්ක මේ තරගාවලියේදී ඔහු ලබාගත් ශතක ගණන තුනක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව ඉතාමත් සාර්ථකව පන්දුවට පහර දෙන දිනුෂ, මේ වන විට ශ්රී ලංකා කණ්ඩායමේ සිටින විශ්වාසවන්තම පිතිකරුවා බවට පත්වෙලා ඉන්නවා කිව්වොත් නිවැරදියි. ඔහුගේ මේ දක්ෂතාවය ඉදිරියේදී ශ්රී ලංකා කණ්ඩායමට විශාල ශක්තියක් වේවි කියලා ක්රිකට් විචාරකයින් පවා විශ්වාස කරනවා.

Discussion & Feedback