මේ දවස්වල ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර ආසන්නයේ හටගෙන තියෙන දරුණු ලැව්ගිනි නිසා මුළු ප්‍රදේශයම විශාල අනතුරකට ලක්වෙලා තියෙනවා. ගින්න කොච්චර දරුණුද කියනවා නම්, ඒක පාලනය කරගන්න බැරි තරම් කියලා ගිනි නිවන භටයන් පවා පිළිගන්නවා. මැඩ්රිඩ් කලාපයේ ඉතිහාසයේ සිද්ධ වුණු දරුණුම ගින්න විදිහට මේක හඳුන්වන්න පුළුවන්. අධික උෂ්ණත්වය සහ තද සුළං නිසා ගින්න තවත් වේගයෙන් පැතිරෙනවා. මේ වන විටත් ස්පාඤ්ඤයේ 30,000කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථානවලට යොමු කරලා තියෙනවා වගේම, තවත් දහස් ගණනක් ගෙවල් දොරවල් දාලා යන්න සිද්ධ වෙලා තියෙනවා.
මේ අතරේ ප්‍රංශයේ ගිරොන්ඩ් සහ ලැන්ඩස් ප්‍රදේශවලත් ලැව්ගිනි දරුණු ලෙස පැතිරෙන නිසා 110,000කට වැඩි පිරිසක් අවතැන් වෙලා ඉන්නවා. ගින්න බෝඩෝ නගරය දෙසට ගමන් කරන නිසා තත්ත්වය තවත් බරපතළ වෙලා තියෙනවා. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් මේ ගින්න නිවන්න හමුදාව පවා කැඳවලා තියෙනවා. ස්පාඤ්ඤයේ සහ ප්‍රංශයේ මේ ව්‍යසනය නිසා හෙක්ටයාර දහස් ගණනක් දැනටමත් විනාශ වෙලා ඉවරයි. බලධාරීන් කියන විදිහට මේක ඇත්තටම හිතාගන්න බැරි තරම් භයානක තත්ත්වයක්. මිනිස්සු තමන්ගේ ගෙවල් දොරවල් අතහැරලා දාලා දිවි බේරගන්න දුවන දර්ශන ඇත්තටම හරිම කම්පනීයයි. තවමත් ගින්න පාලනය කරගන්න ගිනි නිවන භටයන් සහ හමුදාව උපරිම උත්සාහයක් ගන්නවා.

Discussion & Feedback