ග්රීසියේ තෙසලෝනිකි නගරයට ආසන්න ප්රදේශයක හටගෙන තිබෙන දරුණු ලැව්ගින්නක් හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ලිටි නම් ගම්මානය ආසන්නයේ තිබී මෙම පුද්ගලයාගේ සිරුර සොයාගෙන ඇති අතර, ගින්න නිවීමට උත්සාහ කළ කාන්තාවකට ද පිළිස්සුම් තුවාල සිදුවී තිබෙනවා. මේ වන විට ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයන් සියයකට අධික පිරිසක් සහ ගුවන් යානා හතක් යොදවා තිබුණත්, පවතින අධික සුළං තත්ත්වය සහ වියළි කාලගුණය නිසා ගින්න පාලනය කිරීම ඉතා අපහසු වී ඇති බවයි වාර්තා වෙන්නේ.
කිලෝමීටර් පහක් පමණ දිගට පැතිරෙන මෙම ගින්න ඉතා වේගයෙන් වනාන්තරය හරහා මෙලිසොචෝරි ගම්මානය දෙසට ගමන් කරමින් පවතිනවා. මේ නිසා අවට පදිංචිකරුවන්ට වහාම තම නිවෙස්වලින් ඉවත් වන ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා. දැනටමත් නිවාස කිහිපයකට හානි සිදුවී ඇති අතර, ගින්න හටගැනීමට නිශ්චිත හේතුවක් තවමත් අනාවරණය වී නැහැ. ග්රීසියේ සංචාරක සමය උදාවෙමින් පවතින මොහොතක මෙවැනි ස්වභාවික ආපදා නිතරම වාර්තා වීම විශාල ගැටලුවක් බවට පත්වෙලා තියෙනවා. ඉදිරි දිනවලදීත් උණුසුම් කාලගුණික තත්ත්වයන් පවතින නිසා ලැව්ගිනි පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස බලධාරීන් ජනතාවට අනතුරු අඟවා තිබෙනවා.

Discussion & Feedback