සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආශ්‍රිතව හදිසියේම හටගත් ගින්නක් හේතුවෙන් මේ වන විට ගුවන් ගමන් විශාල ප්‍රමාණයකට බාධා එල්ල වෙලා තියෙනවා. ගුවන්තොටුපළ අවට ප්‍රදේශයෙන් කළු දුම් වලාකුළු සහ ගිනිදැල් පිටවන අයුරු ඇසින් දුටු සාක්ෂිකරුවන් විසින් දැක තිබෙනවා. ගුවන් ගමන් නිරීක්ෂණය කරන වෙබ් අඩවියක් වන Flightradar24 පවසන විදිහට, මේ සිදුවීම නිසා ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම වාගේ අඩාල වෙලා තියෙනවා. වාර්තා වෙන විදිහට සෞදි අරාම්කෝ සමාගමට අයත් ඉන්ධන ටැංකියක මෙම ගින්න හටගෙන ඇති බවයි පැවසෙන්නේ.
මෙම සිදුවීමට පෙර රියාද් සහ අල්-ඛාර්ජ් ප්‍රදේශවල ගුවන් ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණා. යේමනයේ පවතින ගැටුම්කාරී තත්ත්වයත් සමඟ මෙම තත්ත්වය උද්ගත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත්, සෞදි සිවිල් ආරක්ෂක අංශ පසුව ප්‍රකාශ කළේ දැනට පවතින අනතුරුදායක තත්ත්වය පහව ගොස් ඇති බවයි. ගුවන්තොටුපළට සෘජුවම ප්‍රහාරයක් එල්ල වී ඇත්ද යන්න පිළිබඳව මෙතෙක් නිල තහවුරු කිරීමක් ලැබී නැහැ.
මේ වන විට ගුවන්තොටුපළේ සාමාන්‍ය තත්ත්වය යථා තත්ත්වයට පත් කරන්නේ කවදාද යන්න ගැන තවමත් පැහැදිලි නැහැ. ගුවන් මගීන් විශාල පිරිසක් මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටින අතර, ගුවන් ගමන් ප්‍රමාද වීම් සහ අවලංගු කිරීම් රැසක් සිදුවෙමින් පවතිනවා. සිදුවීමට හේතුව පිළිබඳව බලධාරීන් තවදුරටත් පරීක්ෂණ පවත්වනවා.

Discussion & Feedback