පේරු රාජ්‍යයේ ලීමා අගනුවර පිහිටි නිවසක හටගත් දරුණු ගින්නකින් එකම පවුලේ සාමාජිකයන් දස දෙනෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ සිදුවීමෙන් මියගිය අය අතර අවුරුදු තුනත් පහළොවත් අතර වයසේ පසුවන කුඩා දරුවන් පස් දෙනෙක් සහ වැඩිහිටියන් පස් දෙනෙක් ඉන්නවා. බදාදා අලුයම තුනට පමණ මේ ගින්න හටගෙන තියෙන්නේ ලා වික්ටෝරියා ප්‍රදේශයේ පිහිටි නිවසකයි. ගින්න පැතිරෙන අවස්ථාවේ නිවසේ දහහත් දෙනෙක් සිටියත්, ඉන් හත් දෙනෙකුට පමණක් දිවි බේරාගන්න පුළුවන් වෙලා තියෙනවා.
පොලිසිය සැක කරන්නේ මේ ගින්න හිතාමතාම ඇති කළ එකක් බවයි. මේ පවුලේ අය මෙට්ට නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් කරගෙන ගිය අතර, ඔවුන්ට මීට පෙරත් කප්පම් ඉල්ලා තර්ජන එල්ල වී තිබූ බවට වාර්තා වෙනවා. නිවස ඉදිරිපිට නවතා තිබූ විදුලි යතුරුපැදි කිහිපයකට පිරිසක් ගිනි තැබීම නිසා, නිවසේ තිබූ ගිනි ඇවිලෙන සුළු මෙට්ට නිෂ්පාදන ද්‍රව්‍ය හරහා ගින්න ඉතා වේගයෙන් පැතිරී ගොස් තිබෙනවා. මේ වන විට පොලිසිය එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. මේ අවාසනාවන්ත සිදුවීම මුළු පේරු රාජ්‍යයම දැඩි ශෝකයකට පත් කිරීමට හේතු වෙලා තියෙනවා.

Discussion & Feedback