තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි ජනප්‍රිය සමාජ ශාලාවක හදිසියේ හටගත් දරුණු ගින්නකින් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ අනතුරෙන් තවත් 63 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ඉන් 22 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි බලධාරීන් පවසන්නේ. ඉරිදා මධ්‍යම රාත්‍රියේ හටගත් මේ ගින්න ඉතා වේගයෙන් පැතිරී ගොස් ඇති අතර, සමාජ ශාලාව තුළ සිටි පිරිසට පිටවීමට තිබූ මාර්ග අවහිර වී තිබීම නිසා විශාල පිරිසකට ජීවිත අහිමි වී තිබෙනවා. මුලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ගොඩනැගිල්ලේ සිවිලිමේ තිබූ වායු සමීකරණ යන්ත්‍රයක ඇති වූ විදුලි කාන්දුවක් ගින්නට හේතු වී ඇති බවයි.
සමාජ ශාලාවේ සිටි අය පවසන පරිදි, විදුලිය විසන්ධි වී මොහොතකින් විශාල පිපිරීමක් සමඟ ගින්න හටගෙන තියෙනවා. ගින්නෙන් බේරී පිටතට යාමට උත්සාහ කළත්, පිටවීමේ දොරටු අසල තිබූ බියර් පෙට්ටි සහ මේස නිසා ජනතාවට එළියට ඒමට නොහැකි වී තිබෙනවා. මේ වන විටත් ගලවා ගැනීමේ කණ්ඩායම් සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන් එම ස්ථානයේ පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතිනවා. සංචාරකයින් බහුලව ගැවසෙන ප්‍රදේශයක පිහිටි මෙම සමාජ ශාලාව තුළ සිදු වූ මෙම ඛේදවාචකය මුළු තායිලන්තයම කම්පනයට පත් කිරීමට සමත් වී තිබෙනවා.

Discussion & Feedback